Lanka Morning

හිටපු දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීට වසර 4ක සිරදඬුවමක්..!!

හිටපු දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීට වසර 4ක සිරදඬුවමක්..!!

හිටපු දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීට වසර 4ක සිරදඬුවමක්..!!
May 06
17:24 2019

රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්‍ෂ 54ක දඩයකටද ඔහු යටත් කළේය.

පී.එච්. පියසේන මහතා පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයේ සිටියදී භාවිති කළ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට හා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඔහු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආපසු රජයට බාරනොදී අවභාවිතා කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලෙස සිරදඬුවම් හා දඩ නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වුයේ දිගාමඩුල්ල හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාටය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment