Lanka Morning

ශ්‍රී ලාංකිකයන්ට දින 180ක් වීසා නොමැතිව ඇමරිකාවේ ගත කිරීමට වරම්..!!

ශ්‍රී ලාංකිකයන්ට දින 180ක් වීසා නොමැතිව ඇමරිකාවේ ගත කිරීමට වරම්..!!

ශ්‍රී ලාංකිකයන්ට දින 180ක් වීසා නොමැතිව ඇමරිකාවේ ගත කිරීමට වරම්..!!
May 16
17:46 2019

බෝම්බ ප්‍රහාරයෙන් පසු ලෝක ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු වීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙරටට අගනා තිළිණයක් තෑගි කොට ඇත. ඒ නම් කල් තබා නිශ්චිත කරුණු දැක්වීමක් අනුව ලබා ගන්නා වීසාවකින් තොරව ශ්‍රී ලාංකිකයන්ට දින 180 ක් ඇමරිකාවේ ගත කිරීමට අවස්ථාව ලැබෙන ඇමරිකාවේ ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program ) ශ්‍රී ලංකාව ඇතුලත් කර ගැනීමයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම් මයික් පොම්පියෝ අද මේ බව නිවේදනය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10 ක් ඉහත කී ‘වීසා රහිත වැඩ සටහනට’ අලුතින් ඇතුලත් කළ බව කීය.

මෙකී වැඩ සටහනට ඇතුළු වන රටවල වැසියන්ට ඇමරිකාවේ සංචාරය කිරීමට පැය 72 කට පෙර අන්තර් ජාලයට ගොස් ඒ සඳහා පිරවිය යුතු පෝරමය පිරැවීමෙන් පසු ඩොලර් 14 ක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත්‍රයක් ලබා ගත හැකි වේ. ඉන්පසු ගුවන් ටිකට් පතක් රැගෙන ඇමරිකාවට ඇතුළු වෙද්දී පෙර කී අවසර පත්‍රය ආගමන විගමන නිලධාරීන්ට පෙන්වූ විට ඇමරිකාව තුල දින 180 ක් ගත කිරීමට අවශ්‍ය අවසරය ලබා දී රටට ඇතුළු කරනු ඇත. මෙම අවසරය ලැබෙන්නේ සංචාරක සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඇමරිකාවට එන්නන්ට පමණකි. දින 180 ට වැඩි කාලයක් ඇමරිකාවේ ගත කරන්නේ නම් වීසා අයැදුම් කළ යුතුය.

මෙය යුරෝපීය රටවල පුරවැසියන් ඇමරිකාවට ඇතුළු වෙද්දී භුක්ති විඳින වරප්‍රසාදය හා සමාන ය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment