Lanka Morning

භික්ෂු රක්ෂණ ක්‍රමය මැයි (16) ආරම්භ කෙරේ..!!

භික්ෂු රක්ෂණ ක්‍රමය මැයි (16) ආරම්භ කෙරේ..!!

භික්ෂු රක්ෂණ ක්‍රමය මැයි (16) ආරම්භ කෙරේ..!!
May 08
17:06 2019

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ සාසන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට යන භික්ෂු රක්ෂණ ක්‍රමය මැයි මස 16 ආරම්භ කරන බව බුද්ධ සාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය රක්ෂණයට මුල් තැන ලැබෙන අයුරින් සකස් කොට ඇති මෙම රක්ෂණ ක්‍රමය මගින් දිවයිනේ භික්ෂූන් වහන්සේලා 15000 කට සෙත සැලසෙන බව සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කීය.

මෙම රක්ෂණ ක්‍රමය සදහා රුපියල් මිලියන 900 ක් වැයවන අතර බුද්ධ සාසන අරමුදලින් රුපියල් මිලියන 500 ක්ද භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් මිලියන 50 ක් ද මේ වෙනුවෙන් ලැබී තිබේ.

සුරක්ෂා රක්ෂණයට හිමිකම් ඇති පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සහ රජයේ සේවයේ නියුතු භික්ෂූන් වහන්සේලා මෙම භික්ෂූ රක්ෂණ ක්‍රමයට අයත් නොවන බවද ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.

මෙම භික්ෂු රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීම මැයි 16 මහනාහිමි වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවද ඒ මහතා තවදුරටත් කීය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment