Lanka Morning

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි..!!

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි..!!

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි..!!
April 28
15:53 2019

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධව නැවත වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කොට ඇතැයි ලංකා මෝර්නින් වෙත වාර්තා වේ.

කෙසේ වෙතත් අනපේක්ෂිත අන්දමින් ඇති වුණු ත්‍රස්තවාදී බිය හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කිරීමට නියමිතව තිබූ යුද හමුදා පුහුණු සැසිය සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු කඳවුරු සියල්ලම අවලංගු කර දැමීමට පියවර ගනු ලැබීය.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම රටක් වෙනුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂිත ආරක්ෂක සැලසුමක් ලබා දී තිබෙන නමුත් විශාල පිරිසකට මරු කැඳවමින් සහ 500 කට අධික පිරිසකට තුවා සිදු කරමින් ශ්‍රී ලංකාව ඇතුළත පුපුරුවා හරින ලද බෝම්බ හේතුවෙන් ඒ පිළිබඳව නැවත විමසීමක් කළ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සැලසුම් කර ඇති ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන ලෙසද ඉල්ලා තිබේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment