Lanka Morning

වෙරළබඩ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව ආරක්ෂාවට නාවික හමුදාව සීරුවෙන්- ධීවර කටයුතුවලට යෑමේදි ලියකියවිලි රැගෙන යන්න..මුහුදේදි සියළු යාත්‍රා පරික්ෂාව.!!

April 28
15:35 2019

වෙරළබඩ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව මෙහෙයුම් හා යාත්‍රා යෙදවීම් තරකර මෙම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු යොදා තිබෙන බැවින් ධීවර කටයුතුවලට පිටත්ව යෑමේ දී රැගෙන යා යුතු නීත්‍යාණුකූල ලියවිලි,ජාතික හැදුනුම්පත් රැගෙන යන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සෘජුවම මෙහෙයුම් වලට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. විශේෂයෙන් ම වෙරළබඩ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුම් හා යාත්‍රා යෙදවීම් තරකර මේ ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. නැඟෙනහිර වෙළඳ තීරය හා එම කලාපය තුළ අමතර යාත්‍රා සහ බට කණ්ඩායම් යොදවමින් ආරක්ෂාව තර  කිරීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු මුහුදේ සිදු කරන මෙහෙයුම් සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායත් සිය සහයෝගය ප්‍රකාශ කර  තිබෙනවා.ඔවුන්ගේ සහාය ලබාදීමට කැමැති බව නාවික හමුදාවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

රටේ ප්‍රධාන වරායන්වලට අමතරව ධීවර වරායන්වල ආරක්ෂාව සඳහාත් නාවික හමුදාව කටයුතු කරනවා. මේ සඳහා වෙරළාරක්ෂක බලකායෙත් ඉහළ සහයෝගයක් ලැබෙනවා. ධීවර කටයුතුවලාට් පිටත්ව යෑමේ දී රැගෙන යා යුතු
නීත්‍යාණුකූල ලියවිලි,ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැගෙන යන ලෙස දන්වා තිබෙනවා.මුහුදේ දී ධීවර යාත්‍රා පරික්ෂා කිරීමට  සිදු වෙනවා.එවැනි අවස්ථාවල ඔබගේ අනන්‍යතාවය හා යාත්‍රාවල අනන්‍යතාවය සඳහා ලියකියවිලි ඉදිරිපත් කළ  යුතු යැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment