Lanka Morning

විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 අඩු කෙරේ..!!

විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 අඩු කෙරේ..!!

විදුලි  ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 අඩු කෙරේ..!!
April 06
17:36 2019

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කොට ඇත.ලංකා විදුලි බල මණ්ඩලයේ  පාලනාධිකාරීය ඊයේ (05) එය තීන්දු කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඉකුත්  2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝදී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කිරීම නිසා ඔවුන්ගේ වැටුප එලෙස අඩු කිරීමට තීරණය කළ බව පැවසේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment