Lanka Morning

මාතර උසාවියේ ජේලර්වරුන්ට වෙට්ටූ දමා පැන යන්නට සැදූ “කුඩු දෝණි”…

මාතර උසාවියේ ජේලර්වරුන්ට වෙට්ටූ දමා පැන යන්නට සැදූ “කුඩු දෝණි”…

මාතර උසාවියේ ජේලර්වරුන්ට වෙට්ටූ දමා පැන යන්නට සැදූ “කුඩු දෝණි”…
April 05
15:40 2019


පසුගියදා මාතර උසාවිය අසල සිදුවූ සිදූවීමකින් මුළු මාතර උසාවිය සංකීර්ණයේම සිටි පිරිස බියෙන් සලිත කල පුවතක් අප වෙත වාර්තා විය.එම සිදුවීම සැකවින් මෙසේය.

දැන් දැන් මාතර ප්‍රදේශයද කුඩු මාෆියාවේ බිල්ලට නතු වෙමින් පවති.කුඩු පානය කරන පිරිසට කොතෙක් දඬුවම් ලබා දුන්නද මෙම වසංගතය නතර කල නොහැකි අතර බෙදාහරින්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීමෙන් පමණක් මෙය නතර කළ හැක.මීට ටික කලකට පෙර මාතර පුරවරයට කුඩු බෙදා හරින්නයක් වන කුඩු දෝණි හෙවත් නදීශා නම් කාන්තාවක් පොලීසිය කොටු කරගන්නේ විශාල පරිශ්‍රමයක් දරාය.ඉන් අනතුරුව අධිකරණයට ඇය බාර කල අතර එහිදී ඇය ඇප පිට නිදහස් වන්නේ මීට මසකට ඉහතදීය.

ඇයගේ සැමියාද මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ කුඩු බෙදා හැරීමේ චෝදනාව යටතේය.මැයගේ මවද මෙම කුඩු බෙදාහැරීමේ නිරතව සිටි අතර ඇය හඳුන්වන්නේ “කුඩු පාලිකා” යනුවෙනි.
කෙසේ හෝ ඇප ලබා ඇයට සිටිය හැකි වන්නේ හරියටම මාසයක් පමණි.ඇය නැවත පොලීසියට කොටු වන්නේ කුඩු ග්‍රෑම් 200ක් සමඟය.පසුගිය අඟහරුවාදා නැවත උසාවියට කුඩු දෝණි ඉදිරිපත් කරන අතර ත්‍රාසජනක චිත්‍රපටය ඇරඹෙන්නේ ඉන් අනතුරුවය.
උසාවියෙන් ඇය නැවත බන්ධනාගාරගත කිරීමට නියෝගය ලබා දුන් අතර ඇයව උසාවි සංකීර්ණයේ සිට බන්ධනාගාර බස්‍ රථයට පොලීසියේ හා බන්ධනාගාර නිළධාරීන් රැගෙන පැමිණියාය.

එක්වරම ඇය පෙර සැලසුම් කල පරිදි එම නිළධාරීන්ගේන් මිදී එක පිම්මේ දිව ඇවිත් අසල තිබූ යතුරු පැදියකට ගොඩ වන්නේ පලා යෑමේ අරමුණින්‍ ය.එසැනින් ක්‍රියාත්මක වන යතුරු පැදිකරු ඇයව රැගෙන යාමේ අරමුණින් වේගයෙන් ගමන ආරම්භ කලද ඔවුන්ගේ අරමුණ ලත් තැනම ලොප් කරන්නට පොලිසියට හැකි වූයේ අවට සිටි මිනිසුන්ගේ ඇහි බැමි නලලේ හිටවමිනි.එය බලා සිටි ප්‍රකට නීතීඥ මහතකු ලංකා මෝර්නින් සමඟ පවසා සිටියේ තව ඩිංගක් එහා මෙහා උනානම් අපිත් වෙඩි කනවා යනුවෙනි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment