Lanka Morning

මහනුවර දිස්ත්‍රික්කයේ මවුලවිවරු මහනුවර දිසාපතිවරයා මුණ ගැසෙයි..!!

මහනුවර දිස්ත්‍රික්කයේ මවුලවිවරු මහනුවර දිසාපතිවරයා මුණ ගැසෙයි..!!

මහනුවර දිස්ත්‍රික්කයේ මවුලවිවරු මහනුවර දිසාපතිවරයා මුණ ගැසෙයි..!!
April 26
11:03 2019

පාස්කු ඉරිදා ඇති වූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව අතර සහජීවනය ගොඩනැංවීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද සාකච්ඡා කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ මවුලවිවරු පිරිසක් අද (26) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) තිස්ස කරුණාරත්න මහතා හමුවී සාකච්ඡා කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික්කය තුළ බියෙන් සහ සැකයෙන් තොරව සියලු ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදව දිසාපතිවරයා සමග සාකච්ඡා කළේ ය. ඉදිරියේදී ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ වගකිව යුතු අංශ සමඟ පැවැත්වෙන සාකච්ඡා වලදී මහනුවර දිස්ත්‍රික්කය බහුතර මුස්ලිම් ප්‍රජාවගේ මතය ඔවුන් වෙත දැනුම් දෙන ලෙස ද දිසාපතිවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටින ලදී.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment