Lanka Morning

පෞද්ගලික රෝහල් නියාමනය කඩිනමින්..!!

පෞද්ගලික රෝහල් නියාමනය කඩිනමින්..!!

පෞද්ගලික රෝහල් නියාමනය කඩිනමින්..!!
April 15
14:02 2019

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර එය ඖෂධ වර්ග 27ක මිල අඩු කිරිමේ ගැසට් පත්‍රය ප්‍රකාශ කිරීමෙන් පසු නිකුත් කිරීමට නියමිතය.

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවමින් ජනතාවට නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ අවම මිල ගණන් යටතේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කළේය.

ඒ අනුව පළමු අදියර යටතේ ඖෂධ වර්ග 48ක මිල අඩු කළ අතර තවත් ඖෂධ 25ක මිල අඩුකරන ලදී.

මේ අතර නොමිලේ ස්ටෙන්ස් ලබා දීම, වෛද්‍ය පර්යේෂණ රෝහල තුළම සිදුකර දීම, පිළිකා රෝගින සඳහා ජිවිත කාලයටම ඖෂධ ලබා දීම ඇතුළු බොහෝ දේ මේ වන විට නිදහස් සෞඛ්‍ය සේවාවට එක්කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන් ඖෂධ මිල අඩුකිරීම් හේතුවෙන් 2017 වසරේදී රෝගීන්ට රුපියල් මිලියන 600ක පමණ ලාභයක් හිමි වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment