Lanka Morning

ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 60 ක්

ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 60 ක්

ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 60 ක්
April 01
19:33 2019

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා අත්‍යාවශ්‍ය වෙයි. රුපියල් මිලියන 60 ක මුදලින් රුපියල් මිලියන 37.5 ක් සහනදායි ණය මුදලක් ලෙස ද රුපියල් මිලියන 12.5 ක් දිමනාවක් ලෙස ද ඉතිරි රුපියල් මිලියන 10 රජයේ අනුමැතිය යටතේ ද ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය 2023 වසරේ නොවැම්බර් මස 30 දින අවසන් කිරිමට නියමිතය. ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව යන පළාත් ආවරණය කරයි. එම ප්‍රදේශවල ජනතාවගේ සමාජීය, භූගෝලීය සහ ආර්ථීකමය කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් සෞඛ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගත හැකිය.

මෙම ව්‍යාපෘතිය ජනගත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ලබන මස 01 දා පස්වරු 5.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත. ව්‍යාපෘතියට අදාල වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment