Lanka Morning

නවක වදයේ ඊළඟ බිල්ල කවදාද??මොකක්ද මේකේ ඇත්ත කතාව..ලංකා මොර්නින් විශේෂ ලිපියක්..!!

නවක වදයේ ඊළඟ බිල්ල කවදාද??මොකක්ද මේකේ ඇත්ත කතාව..ලංකා මොර්නින් විශේෂ ලිපියක්..!!

නවක වදයේ ඊළඟ බිල්ල කවදාද??මොකක්ද මේකේ ඇත්ත කතාව..ලංකා මොර්නින් විශේෂ ලිපියක්..!!
April 09
12:30 2019

නවක වදයේ නවතම ගොදුර බවට පත් වන්නට සිදුවුනේ මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණික විද්‍යාපීඨයේ ප්‍රථම වසරේ ශිෂ්‍යයකුටයි.වසරක් පාසාම ජලයේ ගිල්වන රබර් බෝලයක් මෙන් ඉහලට පැමිනෙන නවක වද ගැටලුව සදහා ස්ථිර පිලියම් ඇති කරන්නට කිසිවෙකු උත්සාහ කරන බවක් නම් පෙනෙන්නට නැහැ.

මොකක්ද මේ කියන නවක වදය?

විශ්වවිද්‍යාලයන්ට,තාක්ෂණික විද්‍යාපීඨ,කාර්මික විද්‍යාල , උසස් අධ්‍යාපන ආයතන වල පටන් පාසල දක්වාම මෙම නවක වද සිදුවීම් පසුගිය ඉතිහාසය පුරාවටම වාර්තා වෙන්නෙ ඉතාමත් ඛේදනීය තත්වයකට රජ්‍ය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතනයන් ඇද හෙලමිනුයි.නවක වදය යනු උසස් අධ්‍යාපනයේ උප සංස්කෘතියේ කොටසක් බවයි එම ශිෂ්‍යයන්ගේ මතය වී තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට උසස් අධ්‍යාපනය සදහා ඇතුල් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් මානසිකත්වයෙන් ඉවත් කිරීම හා නව පරිසරය වෙත අනුගත කිරීම මෙම නවක වදයේ අරමුණ වෙනවා.මේවනවිට නවක වදය යන හිංසා කාරීත්වය ඉස්මතු කරන වචනය ඉවත් කර ශිෂ්‍ය අනුරෑපීයතා වැඩසටහන ලෙසින් හදුන්වන මෙම තාඩන පීඩන වලට ලක් කිරීමේ ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව උසස් අධ්‍යාපන පීඨයන් තුල ක්‍රියාත්මක කෙරෙනවා.

ශිෂ්‍ය අනුරෑපීයතාවය කියල කරන්නෙ මොනවද?

ශිෂ්‍ය අනුරෑපියතාවය කියල ඇත්තටම කරෙන්නේ විශාලවශයෙන් කායික හා මානසික පීඩනයන්ට ලක් කරමින් නවක ශිෂ්‍ය පිරිස් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන්ගේ ග්‍රහනයට නතුකරගැනීමේ කූඨ ව්‍යාපෘතියේ කොටසක්.
තනිකඩයන්ට කොක්කක් දාගන්න, ලිංගික සහකාරියක් සොයාගැනීම , තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරවගන්න කෙනෙක් හොයාගන්න වගේ යටි අරමුනුත් නවක වදය ලබාදෙන ශිෂ්‍යයන් තුල වගේම ඒවාට අනුබල දෙන ශිෂ්‍ය කණ්ඩායමවලත් අභිමතාර්ථයන් විදියට හදුනගන්න පුලුවන්.

ශිෂ්‍ය අනුරෑපීයතාවයට මුවාවී එන කාම ආශා සංසිදුවාගැනීම්, විකෘති කාමයන්, පරපීඩික මානසිකත්වයන් ගේ එලි බැසීම

සමාජයේ වෙසෙන බොහෝමයක් පිරිස් විවිධ වූ මානසිකත්වයන්ගෙන් පෙලෙනවා.බොහෝ දෙනෙක් තමන් මානසික රෝගී තත්වයන්ගෙන් පීඩා විදින බවවත් දන්නේ නැහැ කියලයි වෛද්‍යවරැන් පවසන්නෙ.ඉතින් මෙවන් පිරිස් විශ්වවිද්‍යාල,උසස් අධ්‍යාපන ආයතන වල විතරක් නෙවෙයි පාසල්තුල ඉන්න එකත් කිසිසේත්ම අහඹුවක් නෙවෙයි.එවැනි මානසික දුබලතාවන්ගෙන් පෙලෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍ය අනුරෑපීයතාවය කියන්නෙ බන්දේසියක තියල පිලිගන්වන කේක් ගෙඩියක්.තම මානසික පීඩනයන් පිටකරගන්න හොදම අවස්ථාව ලැබුනම හැකි හැම විදියකටම තම පීඩනයන් පිටකරනව.බොහෝවිට මේ පිරිස් අතර දකින්න පුලුවන් දෙයක් තමයි පරපීඩික මානසිකත්වය.ඔවුන් නවකයන්ට අසැබි වචනයෙන් බැන වැදීම,පහර දීම, නිරැවත් කර පහරදීම්,අඩ නිරැවත් කොට දඩුවම් පැමිනවීම් වැනි දෑ සිදුකරනු බහුලව දක්නට ලැබෙනවා.කතුවරයා නවක ශිෂ්‍යයන් සමග සිදුකල අදහස් හුවමාරැවකදි ලබාගත් අදහස් කිහිපයක් පහලින් පෙලගස්වලා තියෙන්නෙ.

● කොළඹ ආසන්න විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු මුහුන දුන් අත්දැකීමක්;
අපව නවක වද කාලය පුරාවටම යට ඇදුම් ඉවත් කර තැබීමට උත්සුක වෙනව ජේෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම්.ඔවුන් ඒකට කිව්වෙ ඒසී කරනව කියල.lectures ඉවර වෙලා එද්දි ⁣අහඹු ලෙස තෝරාගන්න ශිෂ්‍යයන් මේ විදියට ඒසී කරනව.සමහරැ අපි අන්ඩවෙයා ගැලෙව්වද කියලත් චෙක් කරනව.අපිට හිතාගන්න බෑ මේක මොන ජාතියෙ අනුරෑපීයතාවයක්ද කියල.සමහර දවස් වලට යට ඇදුම් මාරැ කරල අදින්න දෙනව.අප්පිරියයි .ඒත් මොනව කරන්නද?
● අත්දැකීම් බෙදාගත් ශිෂ්‍යාවක්-
ඔවුන් හැම වෙලේම අපිට කතාකරන්නෙ අසභ්‍ය වචනයෙන්.ගැහැනු අපිට ආමන්ත්‍රණය කරන්නෙ වේසි කියල.සමහර වෙලාවට ඊටත් වඩා අසභ්‍ය වචන වලින් කතා කරනව.උඹෙ අම්මල,නංගිලට තෝ කතාකරන්නෙත් වේසි කියලද කියල අහන්න හිතුනත් අපිට එහෙම නොකරන්නත් ඇති තරම් හේතු තියෙනව.එහෙම විරැද්ධ වුන දවසක අපේ ගෙදර මිනිස්සුන්ට පවා බැන්න.මගේ අම්ම නැහැ.මට පුද්ගලික අංශයේ අධ්‍යාපනය ලබන්න සල්ලි නැහැ.කොහොම හරි මේ මගුල් කරදර ඉවසන් ඉන්නව.කවද හරි ඉවරවෙයි.
● එක්තරා උසස් අධ්‍යාපනය ආයතනයක ශිෂ්‍යයෙකු සිය අත්දැකීමක් විස්තර ⁣කලේ මේ විදියට.
අපිට රෑට සින්නන්ගෙ බෝඩිම් වලට එන්න කියනව.ගියාම සමහර දවස් වලට අන්ඩවෙයා එක විතරක් ඇගේ තියෙද්දි ඔක්කොම ඇදුම් ගලවනව.සමහර දවස් වලට කාන්තා යට ඇදුම් අපිට දීල අදින්න කියනව.ස්වයං වින්දනය කරල ශුක්‍රාණු පෙන්නන්න කියනව.සමහර වෙලාවට ඒවා යාලුවන්ගෙ මූනෙ ගාන්න කියනව.කරන්න කියල කියන දේවල් කියන්නත් ලැජ්ජයි.දෙතුන් දෙනෙක්ට අැනල මේ මගුල දාල යන්න හිතිල තියෙන්නෙ.
● ශිෂ්‍යාවක්
කෙල්ලන්ට රෑට බොඩිමක,හොස්ටල් එකක ඉන්නවත් බැහැ.සීනියර්ස් ලා කෝල් කරල වද දෙනව.සමහරැ ලිංගික බලපෑම් පවා කරනව.පහුගිය දවසක් කතා කරපු සීනියර් කෙනෙක් මගේ ශරීරික අවයව වලට අදාල අසභ්‍ය වචන මොනවද කියල අහනව.බැරිම තැන මම බ්ලොක් කලා.මගේ ලග රෙකොඩින් පවා තියාගත්ත ප්‍රශ්නයක් වුනොත් කියල.මට ගෙදර මිනිස්සු සිහි වෙද්දි වෙන කරන්න දෙයක් නැති කමට ඉන්නව.මේ දේවල් අම්මලට කිව්ව කියල ඒ මිනිස්සු තව පෙලෙනව විතරයි.

මේ විදියට අදහස් පලකල බහුතරයක් නවක වදය නිසාවෙන් දැඩිසේ පීඩාවට පත්වෙලා තමයි සිය අදහස් ප්‍රකාශ කලේ.
කැලණිය,ජපුර,කොළඹ විශ්වවිද්‍යාලයන්හි විද්‍යා අංශයන්හි අධ්‍යාපනය ලබන නවක ශිෂ්‍යයන් නම් නවක වදය කියා විශේෂ පීඩාවන් එල්ල කිරීමක් සිය විශ්වවිද්‍යාලයන් තුල එල්ලවෙන්නෙ නැතිබව ප්‍රකාශ කලා.කෙසේ නමුත් කිහිපයක් හැර බහුතරයක් උසස් අධ්‍යාපන ආයතන තුල මෙන්ම කාර්මික ආයතන තුලද ⁣මෙලෙසින් වද හංසා පැමුනවමින් ශිෂ්‍ය අනුරෑපන වැඩසටහන් ක්‍රියාත්මක ⁣කෙරෙනවා.

ඉතිහාසයේ කදුලු කතා..

නවකවදයේ කෘරත්වය විදහා දක්වන්න හොදම සිදුවීම තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල රෑපා රත්නශීලී ශිෂ්‍යාව වෙත සිදු කරන ලද හිංසනය.1975 වසරේදී ඇය එම ශාරීරික තාඩන පීඩන ඉවසාගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවන මහලෙන් බිමට පනිනවා.ඇය ඉහල මහලෙන් පැනීමට මොහොතකට පෙර ජේශ්ඨයන් විසින් ඇයගේ යෝනිමාර්ගය තුලට ඉටිපන්දමක් ඇතුල් කර තිබුනා.මෙම සිදුවීමෙන් සදාකාලික අබාධිත තත්ත්වයට පත්වන ඇය 1997 වසරේ සිය දිවි හානිකර ගැනීමට පෙලඹෙනවා.මෙම සිදුවීම සිදුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්ම පීඨය තුල අදටත් නවකවදය ක්‍රියාත්මක වීම වලකන්නට බලධාරීන් ප්‍රමානවත් ක්‍රියාමාර්ග ගෙන නැහැ.පසුගිය වසරකදීද පුද්ගලික නිවසක් තුල නවක ශිෂ්‍යයන් නිරැවත් කර හිංසා පමුණුවමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පිඨයේ ජේෂ්ඨ ශිෂ්‍යයන් පිරිසක් අත්අඩංගුවට ගැනුනා.
රැහුණු විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවාට වගේම අගුණුකොලපැලැස්ස කෘශි අධ්‍යාපන ආයතනයේ ප්‍රසංග නිරෝෂන නම් ශිෂ්‍යයන් ද නවකවද සිදුවීම් නිසාවෙන් ජීවිතක්ෂයට පත්වුනා.1997 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල සිදු වූ නවකවද ක්‍රියාකාරකමක් නිසාවෙන් වකුගඩු අක්රීය වූ එස්.වරප්‍රකාශ් නම් ඉංජිනේරු ශිෂ්‍යයෙකුට සිය ජීවිතය අහිමි වෙනවා.නවක වදයට විරෝධය පලකිරීම නිසාවෙන් 2002 වසරේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකාරන පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සමන්ත විතානගේ ඝාතනය කරනු ලබන්නේ නවකවද රැස්වීමක් අතරතුරදීමයි.ඉහත සදහන් කල සිදුවීම් වලට අමතරව තවත් ජීවිත අහිමිවීම් හා සියදිවි හානිකර ගැනීම් රාශියක් (විස්සකට අධික) වාර්තා වී තිබෙනවා.නවකවදය නිසාවෙන් වසරක් තුලදී සිය උසස් අධ්‍යාපනයට තිත තබමින් අධ්‍යාපනය හැරයන පිරිසද අධික බවට වාර්තා වෙනවා.මානසික රෝගීන් කිහිප දෙනෙකුගේ විකෘති ආශාවන් පසිදලීම සදහා දහස් ගනනාවක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත බිල්ලට දීම සාධාරනීකරණය කරන්නේ කෙසේද?

නවකවදයට දේශපාලනය සම්බන්දද?

නවකවද සිදුවීම් සදහා අතීතයේ යම් දේශපාලන උපකාර ලැබී තිබුනත් වර්තමානය වනවිට එය බොහෝදුරට සිදුනොවෙන ආකාරයක් දක්නට ලැබෙනවා.නවකවද සිදුවීම් සදහා මහා ශිෂ්‍ය සංගමය වගකිවයුතු බවට බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කලත් ශිෂ්‍ය සංගම් සදහා කිසිදු සම්බන්දයක් නොමැති ආයතන තුලද දැඩි නවක වද සිදුවීම් සිදුවෙනවා.මුල් කාලය තුලදී විශ්වවිද්‍යාලයනට පමනක්සීමාව තිබූ නවක වදය පසුකාලීනව කෘශි තාක්ෂණ ආයතන, ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යනු ලබන TTI , HND , NDT වැනි තාක්ෂණ ආයතන තුලටද ඇතුල් වන්නේ එම ආයතන වල ශිෂ්‍ය පිරිස්වල විශ්වවිද්‍යාල හීනමානයේ ප්‍රථිඵලයක් ලෙසිනුයි.ජර්මානු තාක්ෂණ ආයතනය ඇතුලුව බහුතරයක් තාක්ෂණ ආයතනයන්හිද මේ වනවිට නවක වදක ක්‍රියාත්මක බවට පැවසෙනවා.මේ ආයතනයන් තුල දේශපාලනික ක්‍රියාකාරකම් සදහා කිසිදු ඉඩක් හිමිවී නොමැති වීම හරහා පැහැදිලිවම පෙනීයන කරැනක් වන්නේ නවකවදය දේශපාලන උසිගැන්වීම් වලට අනුකූලව සිදු නොවන්නක් බවයි.

නවක වදයට සහාය දෙන්නෝ කවරෙහුද?

බොහෝ දුර බැහැර ප්‍රදේශයන්හි සිට උසස් අධ්‍යාපන කටයුතු සදහා පැමිනෙන ශිෂ්‍ය කණ්ඩායම් නවක වදයට සහය දැක්වීම සුලබ කරැනක් බවට පත්වෙලා.දුශ්කර පාසල් වලින් පැමිනෙන පිරිස් වල බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ පාසල් වලින් පැමිනෙන ශිෂ්‍යයන් හට තාඩන පීඩන එල්ල කිරීමද ශිෂ්‍ය අනුරෑපීයතා වැඩසටහන් තුලදී සුලබව දැකිය හැකියි.එමෙන්ම කුඩා කල පටන් විවිධාකාර තාඩන පීඩනයන්ට ලක්වූ දරැවන් විශ්වවිද්‍යාල තුලට ඇතුලු වීමෙන් පසුව ඔවුන්ට ලැබෙනා නිදහසත් සමගම මෙලෙසින් නවකවද ක්‍රියාකාරකම් සදහා පෙලඹෙනු දැකිය හැකියි.පාසල් කාලය පුරාවට මුලුගැන්වී සිටි පිරිස්,කුල භේදයන්ගෙන් බැට කෑ පිරිස් ආදී නොයෙක් හීන මානයන්ගෙන් පෙලෙන්නන් මහා වීරයන් බවට පත්වීමේ මාර්ගයක් ලෙස ශිෂ්‍ය අනුරෑපීයතාවයට සහය දැකවීමද බහුලව දක්නට ලැබෙනවා.තවත් පිරිසක් තමාවිදි නවක වදය නීසාවෙන් ඇතිවූ මානසික පීඩනය පිට කරගැනීමටද නවක වදයට සහය දක්වනවා.
සමහර ආයතනයන්හි සිදුවන ක්‍රියාකාරකම් සදහා එම ආයතනයන් හි ආචාර්ය මහාචාර්ය වරැන් මෙන්ම එම පීඨයන්හිම ඉගෙනුම ලබා එහිම ⁣රැකියාවේ නිරතවන පිරිස් ද සෘජුවම හා වක්‍ර ආකාරයෙන් නවක වදය බලගැන්වීමේ ක්‍රියාවලියට සහය දක්වනු දකින්නට ලැබෙනවා.සිය නිලබලය පවත්වාගැනීමට හා සිය තනතුරැ වල ස්ථායීතාව තහවුරැ කිරීම සදහා ශිෂ්‍යයන් ⁣දඩමීමා කරගැනීම එම පිරිස් වල අරමුණ බවට පත්වෙනවා.මේ විදියට සොයා බලද්දි මේ සිදුවීම් සියල්ල එකිනෙකට බැදි සමාජ පිලිලයක් බවට පත්වෙලා.නවක වදය බිහිවීම වගේම නවක වදය පවත්වාගෙන යෑම ජරාජීර්ණ ක්‍රමය නිසා සිදුවන දාම සිදුවීමක් බවයි කතුවරයාගේ අදහස වෙන්නෙ.

නවක වදය නතර විය යුතුද?ඒ සදහා ක්‍රියාමාර්ග ප්‍රමානවත් ද?

ඔව් නවක වදය නතරවිය යුතුයි.විශ්වවිද්‍යාලය තුල ජීවත් වීමට අවශ්‍ය පාරිසරික අනුවර්තනයන් ලබා දීමට වද හිංසා පමුනවමින් සිදුකිරීම අතිශය විහිලුවක්.සමාන සුදුසුකම් ලබා පැමිනි පිරිසක ගේ ඉරනම තීරණය කිරීමට මානසික රෝගාබාධයන්ගෙන් පෙලෙන කිහිප දෙනෙකු වෙත පැවරීම කෙතරම් අශිෂ්ට ද? රෝහල් ප්‍රතිකාර සදහා යොමුවිය යුතු එවන් පිරිස් මිනිස් ජීවිත වනසමින් ඩෙගා නැටීමට අවසර දීම කෙතරම් යුක්ති සහගත? සුවහසක් බලාපොරොත්තු සිත් තුල රදවාගෙන අතපය හැදිදැඩි කොට අධ්‍යාපනය ලබාදුන් ඒ අසරණ වැඩිහිටියන්ගේ හීන වලට පයින් ගසා ඒ දෙමාපියන්ටත් පීඩනය ලබාදීමට විශ්වවිද්‍යාලයක සිටින ජේෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් වලට තවදුරටත් ඉඩ දිය යුතුද?
බලධාරීනි.නවක වදයට එරෙහිව උවමනාවුනා ප්‍රමානයටත් වඩා නීති රීති නීති පොත්වල සටහන්ව ඇත.නීතිය ක්‍රියාත්මක කරමින් මෙම අධම නීචන් බැද දැමිය යුතුය.එසේ නොමැති වුවහොත් හෙට ජීවිතක්ෂයට පත්වන්නේ මාගේ සහෘදයා විය හැකිය.

ලංකා මොර්නින්..

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment