Lanka Morning

ත්‍රස්තවාදීන් ළඟ තිබී කාන්තා සුදු ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගැනේ..ආගමික ස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ගෙනාවාදැයි සැකයක්

April 28
16:26 2019

ත්‍රස්තවාදීන් විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට බුද්ධි අංශය සමත්ව ඇත.

පසුගිය මාර්තු 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ සිසීටිවි දර්ශන මගින්ද තහවුරු වී ඇත.

සයින්දමර්දු නිවසේ තිබී මේ වන විට සුදු ඇඳුම් කට්ටල 05ක් හමුවී ඇති අතර ඉතිරි ඇඳුම් කට්ටල 04 තවමත් හමුවී නැත.

මුස්ලිම් කාන්තාවන් මෙවැනි ඇඳුම් නොඅදින අතර මෙම ඇඳුම් ඇඳ සිංහල කාන්තාවන් මෙන් සැරසී පැමිණ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම ඇඳුම් මිලදී ගන්නට ඇති බව බුද්ධි අංශ සැකපළ කර සිටියි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment