Lanka Morning

ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අරගලයට අපේ සහය…පුටින් කියයි

ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අරගලයට අපේ සහය…පුටින් කියයි

ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අරගලයට අපේ සහය…පුටින් කියයි
April 27
17:18 2019

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව රුසියා ජනාධිපති ව්ලැදිමර් පූටින් මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශෝකය ප්‍රකාශ කරන රුසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නගර කිහිපයක සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා මාලාවේ ඛේදනීය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අතිශය අවංක කනගාටුව පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.

පාස්කු උත්සව සමයේ උත්කෘෂ්ඨතම අවස්ථාවේ දී සිදුකරන ලද මේ ක්‍රෑරතර සහ නරුම අපරාධය ක්‍රියාත්මක කළවුන් සහ එය ඇණවුම් කළවුන් ඊට හිමි දඬුවම් ලබනු ඇතැයි මම අපේක්ෂා කරමි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment