Lanka Morning

අද ජුම්මා මෙහෙයට පල්ලි යන්න එපා..ඇමති හලීම් ඉල්ලයි..!!

අද ජුම්මා මෙහෙයට පල්ලි යන්න එපා..ඇමති හලීම් ඉල්ලයි..!!

අද ජුම්මා මෙහෙයට පල්ලි යන්න එපා..ඇමති හලීම් ඉල්ලයි..!!
April 25
18:46 2019

අද (26) දහවල් පවත්වන ජුම්මා මෙහෙයන් සඳහා පවතින ආරක්‍ෂක තත්ත්වය සලකා සහභාගී නොවී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එච්.ඒ හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

එමෙන්ම මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් පොලිස්පතිවරයා දැනුවත් කොට ඇතැයි වාර්තා වේ.

අන්තවාදී ආගමික අදහස් ඇති මොහොමඞ් කාසීම් සහරාන් නමැත්තා සහ අනුගාමිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන සංවිධානාත්මක ත‍්‍රස්තවාදී කණ්ඩායමක් තවත් ප‍්‍රහාරයක් එල්ල කීරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එම ප‍්‍රහාර විශේෂයෙන් කුප්පු පල්ලි නොහොත්, අචුලියා පල්ලි නමැති මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමේ සැලසුම්ක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරුකරුවෙකු මගින් දැනගන්නට ලැබී ඇති බවට වාර්තා වේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment