Lanka Morning

අද ජාතික සිනමා දිනය…ලෙස්ටර් ජේම්ස් පීරිස්,ටයි මහත්තයා,කරුණාරත්න අබේසේකර හා හේමසිරි හල්පිට…මනෝරම වීරසිංහගේ සටහනක්..!!

අද ජාතික සිනමා දිනය…ලෙස්ටර් ජේම්ස් පීරිස්,ටයි මහත්තයා,කරුණාරත්න අබේසේකර හා හේමසිරි හල්පිට…මනෝරම වීරසිංහගේ සටහනක්..!!

අද ජාතික සිනමා දිනය…ලෙස්ටර් ජේම්ස් පීරිස්,ටයි මහත්තයා,කරුණාරත්න අබේසේකර හා හේමසිරි හල්පිට…මනෝරම වීරසිංහගේ සටහනක්..!!
April 05
18:03 2019

අප්‍රියෙල් 05 ජාතික සිනමා දිනය විදියට සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහත්තයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් නම් කරල. අද ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ සියවැනි ජන්ම සංවත්සරය. ඒ හන්දා සිනෙමා කෞතුකාගාරයක් පවා හදනව. සජිත් ඇමතිතුමාට නිවාස ඇමැතිකමත් තියෙන හන්දා ලෙස්ටර් මහත්තයා කියාපු සිනමා සංරක්ෂණාගාරය ඉක්මනට හැදුවොත් ගොඩක් ලකුණු වැටෙයි.

ලෙස්ටර් සිනමා සලකුණු ස්ථම්භයක් නිසා ගොඩක් දේවල් කරාට අන්න දශක ගාණක් හිටපු ගෙදර ඩෝසර් කරල දාලා. කාටවත් ඒක බේරගෙන එතන ඔය සංරක්ෂණාගාරෙ හදන්න ඕන වු⁣ණේ නැහැ..! පුකේ සංස්කෘතික ඇමතිවරු කීයක් නං හිටියද..?

ලෙස්ටර් වගේම අනික් බලකණුව වන ටයි මහත්තයා, ⁣කැරිෂ්මාව හෝ වාසනා ගුණය අඩුනිසා යටගියා. ඊයේ නිලාර් එන්. කාසිම් මහත්තයා කරපු වැඩසටහනක දැන්වීමක් නිසා අද ඒක හිතුණා. ටයිටස් තොටවත්ත කියන සංස්කරණ ශිල්පියා අපේ සිනමාවේ වැඩ්ඩෙක්… රූපවාහිනියෙත් වැඩ්ඩෙක්.. ආදේශක නැහැ.

අපේ ඉතිහාසයේ කෙනෙක් නිසා අනෙක් කෙනා යටයෑම හැම ක්ෂේත්‍රයෙම තියෙනව. කරුණාරත්න අබේසේකර ගැන කතාකරාට හේමසිරි හල්පිටව අමතකයි. ඒ තරමටම ඔහුත් ලස්සන සින්දු ලිව්වා. නිර්මාණයක අයිතිය වගේ තමා , පන්දු යවන්නට විකට් එක වුණාට අමාරුවෙන් අල්ලපු එකාට ක්‍රෙඩිට් අඩුයි..! මෙලෝ රහක් නැති රූගත දර්ශන රටාවකට පුරුද්දල චිත්‍රපටයක් කියල ලේබලේ ගහන සංස්කරණ ශිල්පියා මට පොරක්.. ඒ වගේම මෙලෝ රහක් නැති තිරනාටක අරං ‘පොරවල්’ හදන චිත්‍රපට බලන්න පුළුවන් විදියට හදන කැමරාශිල්පියා මට පොරක්. කලා අධ්‍යක්ෂවරයා කියන පුද්ගලයා කොච්චර වටිනවද කියල ‘ගින්නෙන් උපන් සීතලෙන්’ දැක්කා.

සිනෙමා සංරක්ෂණාගාරයක් ඕනෙ කියන්නේ ඒකයි. මොකද ගින්නෙන් උපන් සීතල හදපු අය ඒ දශකයේ හිටියා, ඒ පෝස්ටර්, පසුතල ආදියට වස්තු විෂය වෙච්චි තැන් තිබුණා දකින්න.. පොස්ටර් ලේඛණාරක්ෂක එකේ හරි තිබුණා. මේ දේවල් සංරක්ෂණය කරන්න ඕනි කියන්නේ මේවා හරහා අලුත් නිර්මාණයකට අවශ්‍ය සම්පත් හොයාගන්න පුළුවන් නිසා. දැන් චිත්‍රපට පෝස්ටරයක් හොයාගන්න නැහෙන්න ඕනි. පෞද්ගලික මට්ටමින් සංරක්ෂණ කටයුතු කරන බොහෝ දෙනෙක් ඉන්නව. ලකී ලියනගේ, අර මහර ඉන්න ටියුෂන් සර්, අලුත්ගම ඉන්න මහත්තයා, තව ඕස්ට්‍රේලියාවෙ ඉන්න ලාංකිකයෙක් වගේ දහ පහළොස් දෙනෙක් මේක කරන්නෙ අතින් කාලා හරක් බලාගෙන මානසික තෘප්තියට.. අපිට බරපතළ වැඩක් කරන්න මූලාශ්‍ර හොයන්න ගියාම පිස්සු වැහෙනව. අපේ රටේ මේක කර්මාන්තයක් නොවන හන්දා බුල තමා හැමතැනම.

බෙන්හර් එකේදී රෝමයේ සිනෙස්ටිකා ඇ⁣තු⁣ළේ රෝමය හදනව. අපේ රන්මිණිතැන්න සතුව කෝටිගාණක මුදල් තිබ්බට එහෙම වැඩක් කරන්න බැහැ. කරත් මොන්ටිසෝරිගතිය පේනවා.. මොකද අන්තිමට බලපු සුනිල් සර්ගෙද මන්දා චිත්‍රපටයේ හිමාලයේ කන්ද ගාව දඩ පතොක් වැටියක් පේනව..! සිනමා දිනය කියල කතාකරන්න ඕනි මේ සම්පත් හිඟතාවය ගැනයි කියල මම හිතනව…

මනෝරම වීරසිංහ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment