Lanka Morning

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ නම රැකගන්න ආනන්ද නාලන්ද කණ්ඩාම්වලින් තියුණු තරගයක්…අර්ජුන රණතුංග සහ අනූහයේ ක්‍රීඩකයෝ ජයග්‍රහණය සොයා සෙනසුරාදා කෝල්ට්ස් පිටියට…

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ නම රැකගන්න ආනන්ද නාලන්ද කණ්ඩාම්වලින් තියුණු තරගයක්…අර්ජුන රණතුංග සහ අනූහයේ ක්‍රීඩකයෝ ජයග්‍රහණය සොයා සෙනසුරාදා කෝල්ට්ස් පිටියට…

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ නම රැකගන්න ආනන්ද නාලන්ද කණ්ඩාම්වලින් තියුණු තරගයක්…අර්ජුන රණතුංග සහ අනූහයේ ක්‍රීඩකයෝ ජයග්‍රහණය සොයා සෙනසුරාදා කෝල්ට්ස් පිටියට…
March 28
07:49 2019



මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ තම ස්ථානය රැක ගැනීමට කොළඹ ආනන්ද සහ නාලන්ද කණ්ඩායම්වලට තියුණු තරගයක නිරත වීමට සිදුව තිබේ. ඒ එම කණ්ඩායම් මෙතෙක් පැවැති තරගවලින් කිසිඳු ප්‍රසාද ලකුණක් නොලැබීමයි. මීට අමතරව ත්‍රිත්ව, රාජකීය, සහ ඩී. එස්. සේනානායක යන කණ්ඩායම්ද කිසිඳු ප්‍රසාද ලකුණක් නොලැබ තරගාවලියේ ඉදිරියට යාම පිළිබඳව දැඩි අවාධානමකට මුහුණ දී සිටී.

ඩෑඩ් ක්‍රිකට් තරගාවලිය තාත්තලාට පමණක් සහභාගි විය හැකි තරගාවලියකි. පාසල් නියෝජනය කරමින් ඊට එක්වන කණ්ඩායම් ගණන 18ක් වේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, ‍කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මරදාන ශාන්ත ‍ජෝෂප් විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය එලෙස එම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වේ. මීට අමතරව එම පාසල් නියෝජනය නොකරන ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කණ්ඩායමක්ද තරගාවලියට එක්ව සිටී. තරගාවලියේ මීළඟ ලීග් තරග පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා (30) වේ.

තරගාවලියේ ලීග් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ දෙකක් වෙයි. ඒ කොළඹ කෝල්ට්ස් පිටිය සහ බී. ආර්. සී  පිටියයි. මෙයින් කොළඹ කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන තරග වනුයේ ශාන්ත ආනා – ආනන්ද තරගය, ශාන්ත පිතර – නාලන්දා තරගය, ඉසිපතන – ශාන්ත ජෝෂප් යන තරග වේ. බී. ආර්. සී පිටියේ පැවැත්වෙන්නේ රිච්මන්ඩ් – ශාන්ත, මලියදේව – ඒකාබද්ධ, මහින්ද – ඩී. එස්. සේනානායක තරගයි. මෙම තරග අතරින් ප්‍රේක්ෂක අවධානය දැඩිව යොමුවන තරගය වන්නේ ශාන්ත – ආනන්ද තරගය වේ. අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග සහ අනූහයේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් එම තරගයට සහභාගි වීම ඊට හේතුවයි. මේ අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ලබන ඉරිදා (31) කොළඹ කොල්ට්ස් පිටියේ සහ බී. ආර්. සී පිටියේ පැවැත්වෙන බවද තරග සංවිධායක ආයතනය වූ SPORTONIX පවසයි. එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ තරගාවලියේ අවසන් පූර්ව තරග අප්‍රේල් මස හය වැනිදාත් අවසන් තරගය අප්‍රේල්  මස හත් වැනිදාත් මොරටුව ද සොයිසා පිටියේ පැවැත්වෙන බවයි. එම තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර ඇතැයිද එම ආයතනය කියා සිටී.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment