Lanka Morning

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට අපේ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නම් කෙරේ..!!!

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට අපේ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නම් කෙරේ..!!!

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට අපේ ශ්‍රී දළදා  මාළිගාවේ ඇසළ පෙරහැර නම් කෙරේ..!!!
March 29
12:35 2019

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නම් කිරීමට “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” කටයුතු කොට ඇතැයි වාර්තා වේ. එම වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරේ තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තනයන් සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බවය.

සුදු වතින් සැරසුණ බැතිමතුන්ගෙන් පිරුණු මහනුවර නගරය ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් පිරි යන බවත් පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන් සහ උඩරට නර්තනයන් ගෙන් සපිරුණු අයුරු දැකීම මනස්කාන්ත දර්ශනයක් බවත් එම වෙඩි අඩවිය ප්‍රකාශ කර සිටී.ඒ අතින් ගත් කල ශ්‍රී ලාංකික අප කෙතරම් වාසනාවන්ත ජාතියක් දැයි අපටම වැටහෙනු ඇත.

අගෝස්තු මාසයේදී සංචාරය කිරීමට බලාපොරොත්තුවන සංචාරකයෙක් නම් ඔවුන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර නැරඹීම වඩාත් යෝග්‍ය බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටි.

ගිනි බෝල කරකවන දර්ශනය සහ කසකරුවන්ගේ දර්ශනය පෙරහැරට ගෙන දෙන අමතර අලංකාරයක් බවත් එම දර්ශනය ඇතුලත් ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදුවන බවයි “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” සඳහන් කරයි.

දුමිඳු ගජනායක

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment