Lanka Morning

ජල උපාංග ආනයනය,නිෂ්පාදනය හා අලෙවිය නියාමනයට යටත් කිරීම හා ප්‍රමිතිගත ජල උපාංග මහජනතාවට ලබා ගැනීම පිණිස නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දීමට යයි..!!

March 27
07:34 2019

ජල උපාංග ආනයනය නිෂ්පාදනය හා අලෙවිය නියාමනයට යටත් කිරීම හා ප්‍රමිතිගත ජල උපාංග මහජනතාවට ලබා ගැනීම පිණිස නියාමන ක්‍රමවේදයක්
හා ජල නල කාර්මිකයන්ට වෘත්තීය පිළිගැනීමක් ලබා දී ඔවුන් දිරිමත් කොට ඔවුන්ගේ සක්‍රිය දායකත්වය සහිතව ජල සංරක්ෂණ අරමුණු සාක්ෂාත් කරගත හැකි යැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

දිනකට ජල ලීටර මිලියන 40 පමණ අපතේ යන අතර වසරකට ජලය ලීටර් කෝටි එක්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් මෙලෙස අපතේ යන බව ගණන් බලා ඇත. ඒ ජල ප්‍රමාණය රැක ගතහොත් තවත් පවුල් ලක්ෂ හයක වාර්ෂික ජල අවශ්‍යතාවය සපුරාලිය හැක.

ජල උපාංග සඳහා නියාමන කටයුතු හඳුන්වා දීමේ වැඩපිළිවෙල ජල සේවා කර්මාන්තයේ නිරත සියලු ආයතන විද්වතුන් නිෂ්පාදකයින් ආනයනකරුවන් කාර්මිකයන් සහ පාරිභෝගිකයන් ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කොට ඇත.මේ සඳහා වන විශේෂ වැඩමුළුවක් අද (27) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙන බව සඳහන් වේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment