Lanka Morning

කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ..!!

කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ..!!

කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ..!!
March 31
16:02 2019

සුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්‍රයටමගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරුණි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ඉදි වූ මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙම මධ්‍යස්ථානයේ නවතා එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනීමට සලසා තිබේ.

ඒ අනුව බස් රථ,දුම්රිය සහ කුලී රථ සේවාව යන ප්‍රවාහන අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරා ගැනීමට දැන් හැකියාව ලැබේ.

එල්.ඊ.ඩී. පුවරු මත නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම, ජී.පී.එස් මගින්, මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට හැකිවීම, අන්තර්ජාලය මගින් ප්‍රෙව්ශපත් වෙන්කිරීම, දුම්රියේ හා බස්රියේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන්කළ හැකිවීම, ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුව, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම්, බැංකු පහසුකම්, ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදී පහසුකම් රැසක් මෙම බහුමාදිලි ප්‍රෙවාහන මධ්‍යස්ථානය මගින් ලබා ගත හැක.

විධිමත් නඩත්තුවක් හා කළමණාකරන ක්‍රියාවලියකින් මෙය සමන්විත වන අතර, මධ්‍යස්ථානයේ වහලය මත ස්ථාපිත සූර්යකෝෂ මගින් කිලෝ වොට් 180ක් උත්පාදනය වන අතර, මධ්‍යස්ථානයේ සියලුම බලශක්ති අවශ්‍යතා එමගින් සපුරා ගැනේ.

අනාගතයේදී පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර, කඩවත,කටුනායක, දහ අටේ කණුව ආදී ප්‍රදේශ වලද මෙවැනිම බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ද ඇතිව සිදුකරන මෙම සුහුරු ප්‍රවාහන ව්‍යාපෘතියෙන් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර මාකුඹුර නගරයක් වශයෙන් සංවර්ධනය කෙරෙන අතර රජයේ කාර්යාල හා නිවාස සංකීර්ණයන්ද එහි පිහිටුවීමට සැලසුම් කොට ඇති බවද හෙතෙම කියාසිටියි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2000ක වැය කර තිබේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment