Lanka Morning

ලෝක ඒඩ්ස් දිනය අදයි..ලංකා මෝර්නින් තබන සටහනක්..!!

ලෝක ඒඩ්ස් දිනය අදයි..ලංකා මෝර්නින් තබන සටහනක්..!!

ලෝක ඒඩ්ස් දිනය අදයි..ලංකා මෝර්නින් තබන සටහනක්..!!
December 01
06:13 2018

ලොව සුවිශේෂ සහ සම්භාවනීය පුද්ගලයන් ලෙස පිළිගැනෙන පුද්ගලයන්ගෙන් ඇතැම් අය එච්.අයි.වී. ආසාදිතයන් බව සමහර විට ඔබ නොදන්නවා ඇත. පැසිපන්දු ක්‍රීඩක මැජික් ජොන්සන්, හොලිවුඩ් නළු චාර්ලි ෂීන්, බ්‍රිතාන්‍ය ජාතික කලාකරුවකු වන හෝලි ජොන්සන්, හොලිවුඩ් නළු ඩැනී පින්ටාවුරු වැනි ප්‍රකට පුද්ගලයෝ ඒ අතර සිටිති. ඒ වගේම දකුණු අප්‍රිකා ජනාධිපති ජේකොබ් සූමා ද එච්.අයි.වී. අසාදිතයකු බව අනවරණය වී ඇත. එච්.අයි.වී. ඒඩ්ස් නිසා මියගිය සම්භාවනීය පුද්ගලයන් සංඛ්‍යාව ද බොහෝය. එමෙන්ම අද (1) දිනයට යෙදෙන ‘ලෝක ඒඩ්ස් දිනය’ වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති විවාදයක දී අදහස් දැක්වීමට එක් වූ කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොයිඩ් රසල් ද තමා එච්. අයි. වී ආසාදිතයකු බව අනාවරණය කළේය.

 

HIV/AIDS යන වචන කොතෙක් අසා ඇතත් ඒවායෙන් කියැවෙන්නේ කුමක්දැයි කියා සමහරවිට ඔබ හරියටම දන්නේ නැතුව ඇති. Human immunodeficiency virus and acquired immune deficiency syndrome යන්න එකී කෙටි යෙදුම්වල අරුතයි. ඒ අනුව කිව හැකි වන්නේ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය මඟින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇති කරන රෝගී තත්ත්වයක් ය යන්නයි. මෙතුළ එච්.අයි.වී. නමැති අවස්ථාව සහ ඒඩ්ස් නමැති අවස්ථාව වශයෙන් අවස්ථා දෙකක් පවතින බව පෙනේ. එච්.අයි.වී නමැති වෛරසය ශරීරගත වුවහොත්, වසර 10ක් පමණ යනතුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව විද්‍යාඥයෝ පවසති. එසේ වුවත්, ඒඩ්ස් අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්වයි.

 

එච්.අයි.වී. ශරීරගත වුණු පුද්ගලයන් විශාල පිරිසක් තමන් එච්.අයි.වී.වලින් ආසාදනය වී ඇති බව නොදැන සිටීම කනගාටුවට කාරණයකි. අමෙරිකා එක්සත් ජනපදය තුළ කරන ලද සමීක්ෂණයකින් තහවුරුව තිබෙන්නේ, එරට සෑම එච්.අයි.වී. ආසාදිතයන් පස් දෙනකුගෙන් එක් අයෙකු තමන්ට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව නොදන්නා බව ය. මේ තත්ත්වය නිරෝගී අය එච්.අයි.වී.වලට ගොදුරුවන්නටත් හේතුව වී තිබේ.

 

එච්.අයි.වී. ආසාදිත වූ කෙනකුගෙන් මතුවන රෝග ලක්ෂණ සුවිශේෂ නැත. සාමාන්‍ය උණක් හෝ වෙනත් වෛරස ආසාදනයක් හෝ ඇතිවුණු කෙනකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ එහිදීත් දකින්නට පුළුවන. ඒ අතර උණ, මස්පිඬු වේදනාව, හිසරදය, උගුරෙහි තුවාල මතුවීම, මුඛය තුළ තුවාල ඇතිවීම, රාත්‍රියට දහදිය දැමීම, වසා ග්‍රන්ථි ඉඳිමීම, පාචන ගතිය යන රෝග ලක්ෂණ ඇත.

 

එච්.අයි.වී. කිසියම් පුද්ගලයකුට ශරීරගත වන ආකාර කිහිපයක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඒ අතර පළමු තැන ඇත. ඒ හැරුණු විට ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ පටක හෝ වෙනත් කෙනකුගේ ශරීර අභ්‍යන්තරීකරණය කිරීම හෝ වීම, ආසාදිත පුද්ගලයකු භාවිතයට ගත් එන්නත් කටු, සිරින්ජර සහ අනෙකුත් ආකාරවල ශල්‍ය උපකරණ, නිරෝගී පුද්ගලයකු භාවිතයට ගැනීම යන අවස්ථාවලදීත් එච්.අයි.වී. ආසාදනය වේ. එච්.අයි.වී. ආසාදිත මවක් දරුවකු දැරීමේදීත්, ඒ දරුවාට මවු කිරි දීමේදීත් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීමේ හැකියාවක් ඇත. 2015 වසරේදී නිකුත් කරන ලද වාර්තාවල දැක්වෙන ආකාරයට, මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේඉෂණය වීම ඉහළම මට්ටමක තිබෙන්නේ කියුබා රාජ්‍ය තුළ ය.

 

එච්.අයි.වී. ආසාදිතයන් මෙන් ම ඒඩ්ස් රෝගය වැළඳුනු අයත් සමාජයෙන් කොන්වීම සාමාන්‍ය සිද්ධියකි. එනිසා එවැනි රෝගීහු ජීවත්ව සිටින කෙටි කාලය ඇතුළතදී, නොසෑහෙන මානසික වේදනාවන්ට මුහුණ දෙති. ඔවුහු සාමාන්‍ය සමාජයෙන් ඈත්ව , හුදෙකලා ජීවිත ගත කරති. එච්.අයි.වී. ඒඩ්ස් වැළඳුන පුද්ගලයන් ඒ අන්දමට සමාජයෙන් කොන් නොකළ යුතු බවට සමාජය තුළ කතිකාවතක් ඇති වී තිබේ. එච්.අයි.වී./ ඒඩ්ස් නිසා පීඩාවට පත් අය සමඟ සාමාන්‍ය අයට ජීවත් වීම කොහෙත්ම අපහසු නැත. එයට හේතුව එච්.අයි.වී. ආසාදිතයකුට අතට අත දුන් පමණින් හෝ එවැනි පුද්ගලයකු වැළඳගත් පමණින් හෝ එච්.අයි.වී නමැති වෛරසය නිරෝගී පුද්ගලයා කරා සම්ප්‍රේෂණය නොවීමයි. මදුරුවන් දෂ්ඨ කිරීම, ක්‍රීඩා කටයුතුවලට සහභාගී වීම වගේ ම , එච්.අයි.වී. ආසාදිතයන් ස්පර්ශ කරන භාණ්ඩ ආදිය ස්පර්ශ කිරීම නිසාත් එච්.අයි.වී සම්ප්‍රේෂණය වීමක් සිදු නොවේ.

 

එච්.අයි.වී. ආසාදිතයකුට රුධිරය හෝ ශරීර අවයව හෝ දානය කිරීමක් කළ නොහැක. එවැනි දේ දානය කිරීමක් කළහොත්, ඒ හරහා නිරෝගී පුද්ගලයන් එච්.අයි.වී. ආසාදිතයන් වන්නට ඇති ඉඩ-කඩ ඉතාම ඉහළ ය. මේ නිසා රුධිර බැංකුවල මෙන් ම , අවයව දානය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන වැඩසටහන්වල නිලධාරීන් හැම විටම මෙකී කාරණය කෙරෙහි මහත් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරනු පෙනේ.

 

2015 වසර වනවිට එච්.අයි.වී. වෛරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව මිලියන 36.7 දක්වා ඉහළ ගොස් තිබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ වසරේදී මිලියන 1.1ක පමණ මරණ සංඛ්‍යාවක් වර්තාවුණු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධාන වර්තාවල සටහන්ව ඇත. වඩාත් කනගාටුදායකම කාරණය, වයස අවුරුදු 15ට අඩු දරුවන් මිලියන 1.8කට අධික ප්‍රමාණයක් එච්.අයි.වී/ ඒඩ්ස්වලින් පෙළිම ය. මේ සංඛ්‍යා ලේඛන සමඟ ඔබ අමතක නොකළ යුතුම කාරණයක් තිබේ. එනම්, සෑම දිනකම පුද්ගලයන් 5753 දෙනෙකු පමණ එච්.අයි.වී ආසාදිතයන් වන බව ය. ඒ වගේම සෑම පැයකට වරක්ම නිරෝගී පුද්ගලයන් 240 දෙනෙකුට එච්.එයි.වී. ශරීරගත වන බව ය. එච්.අයි.වී. ශරීරගත වී ඇතැයි කියා අනාවරණය වන ඒ කිසිවකුට සැනසිල්ලේ ජීවත්වීමට ඉඩක් ලැබෙන්නේ නැත. එයට හේතුව වෛරසය ශරීරය තුළ පැලපදියම් වී හිඳිමින්, ආසාදිතයා තුළ නොයෙක් ආකාරයේ සංකූලතා ඇති කිරී ම ය. එහි අවසානය ආසාදිතයා මරු වැළඳ ගැනීම මිස අනෙකක් නොවේ. එය කෙතරම් රුදුරු තත්ත්වයක් ද යන්න, සමහරවිට ඔබට තවමත් නොතේරෙනවා වන්නට පුළුවන. එහෙත්, ඒඩ්ස් වසංගතයක් බවට පත්ව මානව සංහතිය වළලා දමන්නට සූදානමින් සිටින වග අමතක කර දමන්නට ඔබට ඉඩ දිය නොහැකි ය.

 

එච්.අයි.වී. ශරීරගත වූවන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ දකුණු අප්‍රිකා රාජ්‍ය තුළ බව වාර්තා වේ. කලාප හැටියට ගත්විට , දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ රටවලත් එච්.අයි.වී. ආසාදිතයෝ විශාල පිරිසක් ජීවත් වෙති. ඉන්දියාවෙහි ජීවත්වන එච්.අයි.වී. ශරීරගත වූවන් සංඛ්‍යාව මිලියන 2.4කට වැඩ වැඩි බව කියැවේ. ලෝක සෞඛ්‍යසංවිධානය සතුව ඇති තොරතුරුවලින් සනාථ වන්නේ, අඩු ආදායම් ලබන පුද්ගලයන් සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලබන පුද්ගලයන් ජීවත් වන රටවල එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බවකි. අප්‍රිකාවේ සහරා කාන්තාරය අවට රටවල ජීවත් වන සෑම වැඩිහිටියන් විසි දෙනකුගෙන්ම එක් අයකු, එච්.අයි.වී. ආසාදිතයන් බව අනාවරණය වී ඇත. රුසියාව, යුක්රේ නය, ලැටිවියාව, මෝල්ඩෝවා, පෘතුගාලය සහ බෙලරුසියාව යන රාජ්‍යවල එච්.අයි.වී. ශරීරගත වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු වන ප්‍රවණතාවක් දැකිය හැකි ය.

 

ලෝකය කෙතරම් දියුණු වුවත්, එච්.අයි.වී./ඒඩ්ස් නිට්ටාවටම සුව කිරීමට අවශ්‍ය ඖෂධ තවමත් නිෂ්පාදනය කෙරී නැත. දැනට ලබාදෙන්නේ රෝගියා තුළ වෛරසය ගුණනය වීම නැවැත්වීම සඳහා අවශ්‍ය ඖෂධ පමණි. Antiretroviral therapy යනුවෙන් හැඳින්වෙන්නේ එලෙස ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ය. මේ නිසා, එච්.අයි.වී. ශරිරගත වුවහොත්, එයින් නැවත මිදීමේ ක්‍රමයක් නැති බව අප සැවොම වටහා ගත යුතුව තිබේ.

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment