රන්ජන් රාමනායකට 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි..

December 03
16:36
2018
අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට සහ නීතීපතිවරයාට ලබන 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අද ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇත.
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු සංයුතිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස නෙතීසි නිකුත් කර තිබේ.
There are no comments at the moment, do you want to add one?
Write a comment