Lanka Morning

මාතර ජනතාවට නවමු අත්දැකීමක්..!! “රහල් මේලා 2018”

මාතර ජනතාවට නවමු අත්දැකීමක්..!! “රහල් මේලා 2018”

මාතර ජනතාවට නවමු අත්දැකීමක්..!! “රහල් මේලා 2018”
December 03
02:06 2018

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශණය “ රහල් මේලා 2018 ” දෙසැම්බර් මස 26 සිට 30 දක්වා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශණයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් මාතර කළාපයේ සියළුම ප්‍රාථමික හා පෙර පාසල් සිසුන් සඳහා නොමිලේ සහභාගීවීමේ අවස්ථාව රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් දෙසැම්බර් 26, 27, 28 යන තෙදින තුළ උදාකර දී ඇත. 

රාහුල විද්‍යාලයීය ක්‍රීඩා පිටිය සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අරමුදල් තරකර ගැනීම සදහා පවත්වනු ලබන මෙම සැනකෙළිය, රාහුලයට මෙන්ම මාතර නගර වැසියන්ට ද වෙනස්ම අත්දැකීමක් වනු ඇත. දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් වන වායෝ සංගීත කණ්ඩායම, ඩැඩී සංගීත කණ්ඩායම, පර්පල්රේන්ජ් සංගීත කණ්ඩායම, සීදුව සකුරා සංගීත කණ්ඩායම, චෙක් පොයින්ට් සංගීත කණ්ඩායම වැනි සංගීත කණ්ඩායම් සහභාගීත්වයෙන් මෙම සැනකෙළිය වර්ණවත් වීමට නියමිතය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment