Lanka Morning

මහින්දගේ අගමැති ධුරය හා අමාත්‍ය මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්..!!එජාපය හෙට අමාත්‍යාංශවලට යෑමට සැරසේ..

මහින්දගේ අගමැති ධුරය හා අමාත්‍ය මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්..!!එජාපය හෙට අමාත්‍යාංශවලට යෑමට සැරසේ..

මහින්දගේ අගමැති ධුරය හා අමාත්‍ය මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්..!!එජාපය හෙට අමාත්‍යාංශවලට යෑමට සැරසේ..
December 03
16:02 2018
  මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා  අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි  ද අභියාචනාධිකරණය  අද (03) නොතීසි නිකුත් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.00ට පුකාශයට පත් කරමින්   අභියාචනාධිකරණය මෙම  තීන්දුව ලබා දෙන ලදී.
පෙත්සම  අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශකයට පත් කෙරිනී.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
මේ අතර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ හෙට රනිල් වික්‍රමසිංහ මහතා පෙරටුකොටගෙන අග්‍රාමාත්‍ය කාර්යාලයට හා අමාත්‍යාංශ සඳහා යෑමට සූදානම් බවය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment