Lanka Morning

විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයක් නිර්මාණය කරන මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක් …

November 27
18:36 2018

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ,ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මණය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු මාසයේ දී ජර්මනියේ හොකන්හයින්හිදී පැවැත්වෙන අතර අන්තර්ජාතික මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය එය සංවිධානය කරයි.

නව මෝටර් රථයේ නිර්මාණ කටයුතු 2019 අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment