Lanka Morning

වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය නොවැම්බර් 28 හා 29..

වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය නොවැම්බර් 28 හා 29..

වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය නොවැම්බර් 28 හා 29..
November 24
13:29 2018

ලංකා වැසි ජල රැස් කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI)එක්ව සංවිධානය කරනු ලබන වැසි ජලය රැස්කිරීම තුළින් ජලසුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලබන 28 හා 29 යන දිනයන්හි පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන කථිකයන් ලෙස ආචාර්ය හෙරත් මන්තිලක හා ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බ්ර්මන් යන මහත්වරු සහභාගී වෙති.

සමුළුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජන අයතනය(USAID) අනුග්‍රහයෙන් පැවැත්වේ. මෙම සමුළුවට ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සහභාගීවන්නන් විසින් ඔවුන්ගේ පර්යේෂණ ,ප්‍රායෝගික යෙදීම් සහ සිද්ධි අධ්‍යයනයන් ඉදිරීපත් කිරීමට නියමිතය.

මෙම සම්මේලනයේ මූලික පරමාර්ථය වන්නේ නව සොයා ගැනීම්,නැඹුරුතා සහ වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා වෘත්තීයවේදීන් සහ ක්‍රියාකාරීන්ට අවශ්‍ය අවකාශය සලසා දීම වේ. තව දුරටත් මේ තුළින් වැසි ජල රැස්කිරීම පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම ද අරමුණ වේ.මෙම සම්මේලනය සඳහා නාගරික වැසි ජල රැස් කිරීමේ සාර්ථක යෙදීම් සම්බන්ධව වූ නිරීක්ෂණ චාරිකාව ද අන්තර්ගත වේ.ජල සැපයුම(ගෘහස්ථ,කාර්මික,වාණිජ) සඳහා වැසි ජල රැස්කිරීම,වැසි ජලයේ ගුණාත්මක භාවය සහ සෞඛ්‍ය,ආපදා අවදානම් අවම කිරීම සහ වැසි ජලය සහ පරිසර පද්ධති,වැසි ජලය රැස්කිරීමේ ප්‍රතිපත්තිමය සහ මූල්‍යමය පැතිකඩ,වැසි ජලය රැස්කිරීම සහ ප්‍රජාවගේ සහභාගීත්වය යන මාතෘකාවන් මුල් කරගෙන මෙම සමුළුවෙහි සැසිවාරයන් පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට සමගාමීව නොවැම්බර් 27 වෙනි දින ජල වාසිය පිළිබඳව දැනුම්වත් කරන පාගමනක් සහ ‘වර්ෂ’කෙටි චිත්‍රපටඋළෙලක්ද සංවිධානය කර ඇත.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment