Lanka Morning

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු සිකුරාදා විවෘත කෙරේ..!!

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු සිකුරාදා විවෘත කෙරේ..!!

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු සිකුරාදා විවෘත කෙරේ..!!
November 28
10:44 2018

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමයට අයත් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) විවෘත කිරීමට නියමිත බව එම ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි.

ජලාශයේ සමස්ත ජල පරිමාව  අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. ඉන් කුඹුරු අක්කර අසූ දෙදහසක් අස්වැද්දීමට අපේක්ෂිත ය.

මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 25 ක විදුලි ප්‍රමාණයක් එක්වන බැවින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment