Lanka Morning

මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්..? කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පවසයි

මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්..? කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පවසයි

මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්..? කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පවසයි
November 21
12:15 2018

රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පැවති බවත් මේ දිනවල උද්ගත වී ඇති දේශපාලන වාතාවණය තුළ එම තත්ත්වය පහළ වැටී ඇති බවත්ය.

ඔහු සඳහන් කළේ දැනටමත් සංචාරකයන්ගේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවත්, මෙවැනි අවස්ථාවලදී අසල්වැසි රටවල් ප්‍රයෝජන ගන්නා බැවින් කඩිනමින් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර දෙන මෙන් ඔවුන් වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගම් සභාපතිවරයා කියා සිටියේය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment