Lanka Morning

ඉරිඟු ගොවියා නගා සිටුවීමට සහන ණයක්..!!

ඉරිඟු ගොවියා නගා සිටුවීමට සහන ණයක්..!!

ඉරිඟු ගොවියා නගා සිටුවීමට සහන ණයක්..!!
November 22
20:24 2018

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට හා බඩ ඉරිඟු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ බඩ ඉරිඟු ගොවීන්ට සහන පොළී අනුපාත යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාකට අනුමැතිය ලැබී ඇත.

දේශගුණික හා විවිධ හේතුන් නිසා දේශීය බඩ ඉරිඟු නිෂ්පාදය, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාළීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බඩ ඉරිඟු ආනයනය කිරීම පසුගිය කාල පරිච්ඡේදය පුරාවට සිදුවී තිබේ.

එබැවින් දේශීය බඩඉරුඟු නිෂ්පාදනය වැඩි කිරිම තුළින් ආනයනය අවම කොට නිෂ්පාදනය වැඩි කොට ඒ හරහා පිරටටට ඇදී යන විදේශ විනිමය අවම කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment