Lanka Morning

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට..!!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට..!!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට..!!
November 28
10:26 2018

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස   අද (28) අධිකරණයේදී  නම් කෙරුණු   ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල්  රවින්ද්‍ර විජේගුණරත්න මහතා  අත්අඩංගුවට ගත්තේය.

අද නඩුව අධිකරණයේදී  කැඳවු අවස්ථාවේදී  රහස් පොලීසිය විසින්   ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.

නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව  තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment