Lanka Morning

3118 ක් දිවිපිදූ 1529ක් ආබාධිත වූ පොලිස් විරුවෝ සමරති

3118 ක් දිවිපිදූ 1529ක් ආබාධිත වූ පොලිස් විරුවෝ සමරති

3118 ක් දිවිපිදූ 1529ක් ආබාධිත වූ පොලිස් විරුවෝ සමරති
March 21
15:48 2018

වවුනියාව පොලිස් සංකීර්ණයේ පිහිටි පොලිස් විරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමේ උත්සවයක් (21 දා) වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි ණි.
ඒ මාර්තු මස 21 වෙනි දිනට යෙදී ඇති 154 වැනි ජාතික පොලිස් දිනය සිහිපත් කිරීමේ උළෙලට සහභාගි වෙමිනි.
සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් හා දිවිපිදූ පොලිස් විරුවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන පැවති අතර පොලිස් ධජය අඩකුණු කිරීමෙන් අනතුරුව වවුනියාව පොලිස් කොට්ඨාශයේ ස්ථාපිත කර ඇති පොලිස් විරු සමරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීම සිදු කරනු ලැබීය.
පොලිස් සේවය යෙදී සිටියදී මියගිය සිංහල දමිල පොලිස් විරුවන් අනුස්මරණය කිරීමේ අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
මේ අවස්ථාව ඇමතූ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ 2018.03.07 වන විට විවිධ රාජකාරී අවස්ථාවන් වලදී පොලිස් විරුවන් 3118 දිවිපිදූ බවත් තවත් 1529ක් අබාධිත තත්වයට පත්ව ඇති බවත් 15 දෙනෙකු පූර්ණ අකර්මන්‍යතාවයට පත්ව සිටින බවයි.
ඒ සියළු දෙනා සිහිකරමින් මෙම උත්සවය පැවැත්වූ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දිනසේන රතුගමගේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment