Lanka Morning

යාපනයේ හමුදා සේනාංක වෙතින් හින්දු කෝවිල් වලට අලුත් අවුරුදු තෑගි

යාපනයේ හමුදා සේනාංක වෙතින් හින්දු කෝවිල් වලට අලුත් අවුරුදු තෑගි

යාපනයේ හමුදා සේනාංක වෙතින් හින්දු කෝවිල් වලට අලුත් අවුරුදු තෑගි
March 25
22:58 2018

යාපනයේ යුදහමුදා සේනාංක හින්දු කෝවිල් වලට යමින් අළුත් අවුරුද්ද වෙණුවෙන් තෑගි භෝග පිරි නැමීමට පටන් ගෙන තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජාතීන් අතර සහයෝගීතාවය, අවබෝධය හා සංහිදියාව ගොඩ නැගීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ අදහසකට අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කොට තිබේ.

මීට අමතරව යාපනයේ සියළුම කෝවිල් වල පැනනගින අවශ්‍යතා ඉදිරිපත් කරණ අවස්ථාවලදී ඒ වෙණුවෙන් පෙනීසිටිමින් ඊට සහය දැක්වීමටද යාපනයේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

යාපනය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා ඇතුළු යුද හමුදා නිලධාරීන් හින්දු කෝවිල් වෙත යමින් එම කෝවිල්වල කුරුක්කල්වරු සමග ඉතා සුහදව ඔවුන්ගේ ප්‍රශ්න විමසමින් මේ දිනවල කටයුතු කරමින් සිටිති.

දිනසේන රතුගමගේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment