Lanka Morning

යාපනයේ ඉතාම ජනප්‍රිය දක්ෂ පාසැල් ක්‍රීඩිකාව ප්‍රියංකා මොළයේ පිළිකාවකින් මරු දකී: ජනතාව දුකෙන් කම්පාවෙති

March 18
16:01 2018

යාපනයේ ඉතාම ජනප්‍රිය, ඉතාමත් දක්ෂ පාසල් ක්‍රීඩිකාවක වන ශිවනේෂන් ප්‍රියංකා හදිසියේම මියයාමත් සමග යාපනයේ ජනතාව දැඩි ලෙස කම්පාවට පත්ව සිටිති.

ඇය මියගොස් ඇත්තේ මොළයේ වැළඳුණු පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මාර්තු 17 වෙනිදාය.

යාපනයේ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටි ප්‍රියංකා මලල ක්‍රීඩා වලින් යාපනයට විශාල කීර්තියක් අත් කොට දුන් දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවක් වන ලකුණු පෙන්නුම් කරමින් සිටියා ය.

එමෙන්ම දැල් පන්දු ක්‍රීඩාවටද ඇය ඉතාම දක්ෂතාවයක් දක්වා ඇති අතර යාපනයේ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව වන්නේද ප්‍රියංකා ශිෂ්‍යාවයි.

ඇගේ අවසන් කටයුතු 19 වෙනි සඳුදා යාපනයේ තෙලිප්පලෙයි ග්‍රාමයේදී සිදු කිරීමට නියමිතය.

දිනසේන රතුගමගේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment