Lanka Morning

මැටි අම්බලම් සිටු අම්බලම් මුද්දරයට

මැටි අම්බලම් සිටු අම්බලම් මුද්දරයට

මැටි අම්බලම් සිටු අම්බලම් මුද්දරයට
March 16
14:23 2018

ශ්‍රී ලංකාවේ අම්බලම් ගැන ප්‍රථම වරට සමරු මුද්දර පෙළක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ . එය මේ මස 23 වැනි සිකුරාදා පෙරවරු 8.30ට තැපැල්පති රෝහණ අභයරත්න මහතාගේ සහ තැපැල්,තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල මහතාගේ ප්‍රදානත්වයෙන්, කොළඹ 10, ඩී. ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මුලස්ථානයේදී සිදුකෙරේ.

මෙයට සමගාමීව 2018 වසරේ ප්‍රථම මුද්දර දැක්ම සහ අලෙවිපොළ , මුද්දර කාර්යාංශය මගින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර එය මාර්තු 23,24,25 යන දිනයන්හිදී කොළඹ 10,ඩී.ආර් විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදීම ආරම්භ වේ.

මගී පහසුව සඳහා අම්බලම් ඉදිකිරිම පුන්‍යකර්මයක් ලෙස සැලකූ ශ්‍රී ලාංකිකයා, අතීතයේ සිට ඉදිකෙරූ අම්බලම් සැලකියයුතු ප්‍රමාණයක් තවමත් අපට දැකගත හැකි අතර, මෙය එම නිර්මාණ ඇගයීමට ලක්වන සුවිශේෂ අවස්ථාවකි. පුද්ගල තරාතිරම අනුව මැටි අම්බලම් (සාමාන්‍ය පුද්ගලයන් සඳහා) සිටු අම්බලම් (ප්‍රභූන් උදෙසා) යනුවෙන් වර්ග දෙකකින් අම්බලම් ඉදිවී ඇත.
එක් එක් ගම්මානයන් හි වෙසෙන කලාකරුවන්ගේ සුවිශේෂී හැකියාවන් මේ අම්බලම්වල දැකිය හැකි අතර, සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය වැනි නිර්මාණ වලද අම්බලම් වර්ණනා සිදුවිය.

මෙදින නිකුත් කෙරෙන මුද්දර සඳහා මාරස්සන මැටි අම්බලම (රු .10 වටිනාකම ),කරගහගෙදර අම්බලම (රු.15 වටිනාකම ),පනාවිටිය අම්බලම (රු 35 වටිනාකම ) ගොඩමුන්න අම්බලම (රු 50 වටිනාකම ) යන අම්බලම් තෝරාගෙන ඇත.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment