Lanka Morning

මා එනතුරුම මාතලේට මහාධිකරණයත් තිබුනේ නෑ..! අධිකරණ ඇමැතිනිය (Video)

මා එනතුරුම මාතලේට මහාධිකරණයත් තිබුනේ නෑ..! අධිකරණ ඇමැතිනිය (Video)

March 16
12:39 2018

තමන් අධිකරණ ඇමැතිනිය ලෙස වැඩ බාර ගන්නා විටත් මාතලේ දිස්ත්‍රික්කය වැනි ලක්ෂ 5 කට අධික ජනතාවක් ජීවත් වන දිස්ත්‍රික්කයකට මහාධිකරණයක් තිබුනේ නැතැයි අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය. ඇය මෙම අදහස් පළ කළේ සිතාසි බෙදන්නා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නා අධිකරණ ඝෝෂක හා ප්‍රවේශක තනතුරු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අධිකරණ අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

රාජ්‍ය සේවකයින් වන අපි අපේ රාජකාරීය නිසි පරිදි ඉටු කරන්න කැපවී කටයුතු කළ යුතුයි.අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයින් වන ඔබට අනෙක් අයට වඩා වැඩි ඉහළ වගකීමක් තබෙනවා.ඒ බව ඔබ විශේෂයෙන් අවබෝධ කර ගත යුතුයි.රජයේ සේවකයින් වන අපි ජනතා බදු මුදල් වලින් වැටුප් ලබන බව අවබෝධ කර ගත යුතුයි.අනෙත් කරුණ තමයි අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය කියන එකත් මතක තබා ගන්න ඕන.ලෝකයේ කිසිදු දියුණු වෙමින් පවතින රටක අධ්‍යාපනය වෙනුවෙන් මේ විදිහට රජයක් වියදම් කරන්නේ නැහැ.පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් රජය ඔබ වෙනුවෙන් වියදම් කරනවා .නිල ඇදුම් පොත් පත් ටික මේ සියල්ල ලබා දෙනවා .ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන් වැටුප් ලැබු ඔබ ජනතා බදු මුදල් වලින් වැටුප් ලබන ඔබ අවංක කාර්යක්ෂම සේවයක් ලබාදීමටත් කටයුතු කළ යුතුයි.

මේ රටට විශාල වශයෙන් ඉදිරියට යාමට නම් අමාත්‍යාංශයක ලේකම්වරයාගේ සිට සනීපාරක්ෂක කම්කරු සේවකයා දක්වාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වාත් තමන්ගේ සේවය නිසි පරිදි ලබා දීම වැදගත් වෙනවා .

අපි සියලු දෙනාම අධිකරණ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයින් වශයෙන් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුයි.අධිකරණ සේවකයින් වන ඔබ නිසි පරිදි ක්‍රියා කළහොත් නඩු ප්‍රමාදය අවම කර ගැනීමට එය මහත් පිටුවහලක්.අපිට වගකීමක් තිබෙනවා නඩු ප්‍රමාදය අවම කිරිමට කටයුතු කිරිමට.නඩුවක් සදහා සාමාන්‍ය මිනිසුන් පෙනී සිටින්නේ විශාල මුදලක් කැප කරලා. නීතිඥ ගාස්තු සඳහා කොතරම් මුදලක් වැය කරනවා ද මේ පිලිබදව අධිකරණ සේවකයින් වන ඔබ කල්පනා කළ යුතුයි.නඩුවක් සදහා පෙනී සිටින පුද්ගලයෙක් කොතරම් කැපකිරීම් කරලා ඒ සදහා මහන්සි වෙනවාද කියලා ඔබේ ඥාතිවරයෙක් එවැනි දේකට පෙනී සිටින විට ඔබට වැටහෙයි.ඒ නිසා මේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම බව නඩු ප්‍රමාදය අවම කිරීමට ඔබේ සහයෝගය අපට ලබා දෙන්න.

අද පත්වීම් ලබන ඔබ කටයුතු කරන ආකාරයට අධිකරණ පද්ධතිය පිළිබදව ජනතා විශ්වාසය වැඩි වෙනවා. මොකද ඔබ තමයි අධිකරණය නියෝජනය කරමින් ගමේ ජනතාවත් සමග වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නේ. ඔබේ වගකීම අනෙක් අයට වඩා වැඩියි කියලා මුලින්ම කිවුවේ ඒ නිසයි.අද උසස් වීම් සමග නවක පත්වීම් ලබන සියලු දෙනාගේ සහාය කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ඉදිරියට පවත් වා ගෙන යාම සදහා ලබා දෙනු ඇතැයි බලා පොරොත්තු වන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්.එම්.ආර්.අදිකාරී, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් කුමාරි යන මහත්මීන් ද මෙහිදි අදහස් පළ කළාය.රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි විය.
මේ සම්බන්ධ වීඩියෝවක් ඉහත දැක්වේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment