Lanka Morning

මහනුවර සිද්ධියෙන් ඇතිකළ කළු පැල්ලම නැතිකිරීමට තවත් වසර ගණනාවකට බෑ; අවස්ථාවාදී දේශපාලකයින්ට ජාතික සමගිය විනාශ කරන්න දෙන්න බෑ -දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැති

මහනුවර සිද්ධියෙන් ඇතිකළ කළු පැල්ලම නැතිකිරීමට තවත් වසර ගණනාවකට බෑ; අවස්ථාවාදී දේශපාලකයින්ට ජාතික සමගිය විනාශ කරන්න දෙන්න බෑ -දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැති

මහනුවර සිද්ධියෙන් ඇතිකළ කළු පැල්ලම නැතිකිරීමට තවත් වසර ගණනාවකට බෑ; අවස්ථාවාදී දේශපාලකයින්ට ජාතික සමගිය විනාශ කරන්න දෙන්න බෑ -දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැති
March 12
06:39 2018

හිටපු පාලකයින් ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තරයේ තබා තිබු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් රජය බලයට පත් වී ඉතාම කෙටිකාලයක් තුල ඉවත් කර ගැනීමට හැකි වුවත් , බලලෝභී අවස්ථාවාදී දේශපාලනය විසින් මහනුවර මුදා හළ වර්ගවාදී ගිනිදැල් හේතුවෙන් ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව පිළිබද නැවත ඇතිකළ කළු පැල්ලම මකා දැමීමට තවත් බොහෝ කලක් ගත වනු ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , තංගල්ල ඒ.ජා.ප.ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දුන්නේ මේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර රැසකට එල්ල වූ බරපතල පහරක් මෙන්ම එමගින් ආර්ථික , සමාජ හා දේශපාලන ක්ෂේත්‍ර වලටද බරපතල ගැටළු මතු කර ඇති බවය .

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරීන් රැසකට සාම විනිසුරු පත් වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් තංගල්ල ප්‍රධාන කාර්යාලයේදී අද [ 12 ] උදෑසන පැවති උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .

මෙහිදී දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසිය .“ අද සාමවිනිසුරු පත්වීම් ලබන ඔබලාට රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා . අපේ රටේ ජනතාව ඉතිහාසයේ පටන් සහෝදරත්වයෙන් ජිවත් වුනා . ජාති ආගම් කුල බේදයකින් තොරව . නමුත් අන්තවාදී කොටස් ඒ සමගියට විවිධ ගැටළු මතු කරනවා . මේ අන්තවාදී කොටස් අප නිවැරදිව හදුනාගැනීම අත්‍යවශ්‍යයි . ඒ ඔබලාගේ මෙන්ම අනාගත දරු පරපුරට සුරක්‍ෂිත රටක් උදාකරදීම සදහායි . ”

“ මේ ජාතිවාදී ගිනිදැල් නිසා කිසිම ජාති බේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් සියළු දෙනාම තිස් වසරක් තිස්සේ කුරිරු ත්‍රස්‌තවාදයකින් බැට කෑවා . ඒ අතීතය අමතක කරන්න එපා . අතීතය අමතක කර යන කිසිදු රටකට හෝ ජාතියකට අනාගතයක් නැහැ . ඒ නිසා අපේ අනාගතය ගොඩනගන්නට අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ . ඇයි වසර 30 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකික ජනතාව ත්‍රස්‌තවාදය හේතුවෙන් පිඩා වින්දේ . ඒ පහුගිය දා මහනුවර ඇතිකළ වර්ගවාදී ගිනිදැල් එදා මුදාහල නිසයි . ඒ ගිනිදැල් නිවා දැමීමට ජිවිත කියක් පුජා කලාද . මේ ත්‍රස්තවාදය අවසන් කරන්න අපේ රණවිරුවන් කි දහසක් අතපය , නැති කර ගත්තද . කි දෙනෙක් ඒ ත්‍රස්තවාදය නිසා අදටත් දුක්විඳිනවද. ”

“ එලෙස ජිවිත පුජා කර අවසන් කල වර්ගවාදී ගිනිදැල් නැවත දැල්වීමට කවර හෝ කණ්ඩායමකට අවශ්‍ය වෙලා තියෙනවා . රටට ආදරය කරන අපි කිසිම කෙනෙකුට ඒ සදහා කිසිම ආකාරයක සහයක් දෙන්න බැහැ . මොකද අපි දන්නවා , අපි අත්දැකීමෙන් දන්නවා , මේ වර්ගවාදී ගිනිදැල් වල භයානක කම . ඒ ගිනි දැල් නිසා අපිට ලෝකය හමුවේ තිබුනේ ලාංකිකයින් කියන්නේ මහා මිලේච්ඡ මිනිසුන් කියන , අනෙකුට උපකාර නොකරන අනෙකාගේ දුක නොදන්නා පිරිසක් කියලා . නමුත් 2015 ජනවාරි 08 වැනිදා දේශපාලන වෙනසත් සමග රටක් විදිහට අපිට හැකි වුනා ලෝකයා තුල තිබු ඒ මතය වෙනස් කරලා ලාංකිකයින් කියන්නේ ලෝකයේ ඉන්න දුක කදුල හොදට හදුනන , අනෙකාට උපකාර කරන ගුණ යහපත් කමින් පිරිණු මිනිසුන් බව ඔප්පු කරන්න . මේ නිසාම රටක් ලෙස අපිට ලැබුණු දේ බොහෝයි . හිටපු පාලකයින් රටට අහිමි කල බොහෝ දේ අපේ රජයට නැවත ලබාගන්න හැකි වුනේ ඒ නිසයි . නමුත් බලයට එන්න , කුමක් හෝ කරන්න සුදානම් කණ්ඩායම් නිසා රටට නැවත විශාල හානියක් වෙලා තියෙනවා . ”

“ අද සාමවිනිසුරු පත්වීම ලබන ඔබලා සමාජ ක්‍රියාකාරීන් . ඒ නිසා ඔබලාට අද දවසේ රට ජාතිය වගේම සමස්ථ ජනතාව වෙනුවෙන් ඉටුකරන්න ජාතික වගකීමක් පැවරිලා තියෙනවා . ඒ තමයි වර්ගවාදී කණ්ඩායම් වලින් ජනතාවත් රටත් ආරක්ෂා කිරීම . ගමේ ප්‍රභූන් ලෙස ඒ ජාතින් අතර සමගිය ආරක්ෂා කරන්න ඔබලාට හැකියාව තියෙනවා . ඒ නිසා මේ මොහොතේ සිටම ඒ ජාතික වගකීම ඉටුකරන්න ඔබ සියළු දෙනා කැපවිය යුතුයි . එයයි මේ අවස්ථාවේ ඔබලාගෙන් රට අපේක්ෂා කරන්නේ . ඒ උතුම් කාර්යය ඉටු කිරීමට ඔබ සියළු දෙනාට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනය කරනවා ” යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .

මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජි.එම්.දිනේෂ් කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment