Lanka Morning

මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය ඡන්දයෙන් තොරව සම්මතයි

මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය ඡන්දයෙන් තොරව සම්මතයි

මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය ඡන්දයෙන් තොරව සම්මතයි
March 07
14:39 2018

වසර 24 කට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සහ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය අද (2018-03-07) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මෙය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

යල් පැන යමින් තිබූ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 24 කට පසුව සංශෝධනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමක් බවත්,  එමෙන්ම දිගුකලක් පුරා කතාබහට ලක් වූ මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව තුලින්ම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම අනාගතයේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට මඟ පාදනු ඇති බවත් මෙම සුවිශේෂී ප්‍රතිසංස්කරණය සඳහා දායක වූ සැම ගෞරවනීය කාර්යභාරයක කොටස්කරුවන් ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වනු ඇති බවත් කථානායකවරයා සඳහන් කළේය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment