Lanka Morning

නව පෙරළියක්..! පළතුරු ගහේම තියා කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX ක්‍රමයක් දැන් ලංකාවේ

නව පෙරළියක්..! පළතුරු ගහේම තියා කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX ක්‍රමයක් දැන් ලංකාවේ

නව පෙරළියක්..! පළතුරු ගහේම තියා කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX ක්‍රමයක් දැන් ලංකාවේ
March 21
11:47 2018

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න එම වාරය තුළදී එකවර ලැබීමේදී, වෙළඳපල දක්වා  පැමිණීමේදී සහ වෙළඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම සඳහා පළතුරු එම ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සමත්ව ඇත.

මෙම පර්යේෂණය සිදු කිරීමෙහිලා කැනඩා රජයේ ආධාර ලැබී ඇති අතර එහි ප්‍රතිපල සාර්ථකත්වය මත වෙළඳපල හරහා පලතුරු වගාවන් ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙත මෙම නව නිෂ්පාදනය ලබා දීමට අපේක්ෂිත අතර මෙම නව සොයා ගැනීම පලතුරු ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නව පෙරළියක් සිදු කරනු ඇත

මෙම නව නිෂ්පාදනය පලතුරු නිෂ්පාදකයන් අතරට පත් කිරීම සඳහා ITI ආයතනය හේලිස් ඇග්‍රෝ පුද්ගලික සමාගම සමඟ ගිවිසුම් ගත වී ඇති අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මේ පිළිබඳ දැනුවත් කිරීමක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වරයා සහ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර පිරිනැමූ කැනඩා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින මහ කොමසාරිස් DAVID MEKINNON මහතා සහ HAYLEYS AGRICULTURE HOLDINGS සමාගමෙහි ඉහළ නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දිනය   –  2018.03.22

වේලාව   – ප.ව.4.00 සිට 6.00

ස්ථානය  –  හොටෙල් ටාජ් සමුද්‍රා ( GOLDEN POND HALL) 

වෙත පැමිණෙන්න 

සියළු විමසීම්  – 0712768466  මනෝරී විජේමාන්න     

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment