Lanka Morning

දකුණේ මන්ත්‍රී සහ පිස්තෝල බිරිය 13 දා දක්වා රිමාන්ඩ්

දකුණේ මන්ත්‍රී සහ පිස්තෝල බිරිය 13 දා දක්වා රිමාන්ඩ්

දකුණේ මන්ත්‍රී සහ පිස්තෝල බිරිය 13 දා දක්වා රිමාන්ඩ්
March 12
07:04 2018

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ දී පිස්තෝලයක් රැගෙන බස් රථ රියැදුරෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් මහතා සහ ඔහුගේ බිරිය ලබන 13 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

පසුගියදා (09) බස් රථ රියැදුරෙකු සමඟ බහින්බස් වීමක් සිදුව ඇති අතර ඉන් පසුව මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඒ අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් සිද්ධිය වීඩියෝ කර ඇති අතර සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිය ද පිස්තෝලයක් අතැතිව පහර දෙන අයුරු එහි දැක්විණ. එහිදී පිස්තෝලය එල්ල කරමින් මන්ත්‍රී බිරිය ‘කුඩුවෙන්න තියනවා‘ යි තර්ජනය කිරීම ජනතාව අතර පුදුමයකට කාරණයක් විය. සැකකාර මන්ත්‍රීවරයා හා ඔහුගේ බිරිය තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ජීව උණ්ඩ 6ක් සමඟ අදාළ පිස්තෝලය ද පොලිස් භාරයට ගෙන ඇත. පහරකෑමට ලක්වූ රියැදුරා රෝහල්ගත කර ඇති අතර සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරික්ෂණ සිදුකරයි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment