Lanka Morning

ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඇමතිවරයා වෘත්තීය සමිතිවලට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් විදුහල්පති උසස්වීම් අහිමි වේ

ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඇමතිවරයා වෘත්තීය සමිතිවලට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් විදුහල්පති උසස්වීම් අහිමි වේ

ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඇමතිවරයා වෘත්තීය සමිතිවලට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් විදුහල්පති උසස්වීම් අහිමි වේ
March 15
07:52 2018

ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ 3 පන්තියේ විදුහල්තිවරු 3500 කට වැඩි පිරිසකට 2015 වසරේදී ලබාදිය යුතුව තිබූ උසස්වීම් විදුහල්පතිවරු 300 කට පමණක් අද දින ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව 3 පන්තියේ විදුහල්පතිවරු 3200 කට වැඩි පිරිසකට 2015 වසරේ සිට ප‍්‍රමාද වී ඇති උසස්වීම නොලැබේ. මීට හේතු වී ඇත්තේ නව විදුහල්ති සේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් කොන්දේසියක් ලෙස පවතින දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සමත් නොවීමයි. 2007 වසරේ සිට රාජ්‍ය සේවයට ඇතුළත් වන නිලධාරීන් දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබාගත යුතු වුවත් මෙම විදුහල්පතිවරු 2007 වසරට පෙර රාජ්‍ය සේවයට ඇතුළත් වූ අයයි. ඔවුන් 2009 වසරේදී හා ඉන් පසුව ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට අදාළ පැරණි සේවා ව්‍යවස්ථාවෙන් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාගන්නා ලද නිලධාරීන්ය. 2014.10.22 දිනැති 1885/31 දරණ නව විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව ඔවුන්ට උසස්වීම් ලබාදීම මත භාෂා ප‍්‍රවීණතාවය උසස්වීම් සඳහා සැපිරිය යුතු කොන්දේසියක් වී ඇත. විදුහල්පති සේවයේ 2 පන්තියේ විදුහල්පතිවරු 4000 කට පමණ 1 පන්තියට උසස්වීම් ලැබීම සම්බන්ධයෙන් ද මෙම තත්වය උද්ගත වී ඇත.

සමස්ත රාජ්‍ය සේවයටම දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ගැලූවක් වී ඇති පසුබිමක වයස 50 ක් ඉක්ම වූ නිලධාරීන්ට පමණක් විභාග සමත්වීම වෙනුවට පැය 100 ක භාෂා පාඨමාලාවක් මත උසස්වීම් ලබාදීමට 2017.05.30 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 01/2014(iv) මගින් තීරණය කරන ලදී.

එහෙත් දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණාතා කොන්දේසි රාජ්‍ය සේවකයාට දඬුවමක් බවට පත්වී ඇති තත්වය තුළ ලංකා ගුරු සංගමය ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් ඇමතිවරයා සමග 2017.11.22 දින පැවති සාකච්ඡුාවකින් පසු ඇමතිවරයා පොරොන්දු වූයේ රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවයට අදාළව විභාග සමත්වීම වෙනුවට වයස 50 ට අඩු රාජ්‍ය සේවකයන්ට ද, දැනට වයස 50 ට වැඩි රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති පැය 100 භාෂා පාඨමාලාවක් සපුරාලීමේ අවස්ථාව ලබාදීමට හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා බවයි. එහෙත් අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මේ දක්වා ඉටු නොකිරීම මත මේ වන විටත් වසර 3 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී ඇති උසස්වීම් ඉහත විදුහල්පතිවරුන්ට අහිමි වන තත්වයක් උද්ගත වී ඇත.

සමස්ත රාජ්‍ය සේවයේම නිලධාරීන් තම උසස්වීමට අදාළ කාර්යක්ෂමතා කඩඉම් ඇතුළු අනෙකුත් සියලූ කොන්දේසි සපුරා තිබියදී භාෂා ප‍්‍රවීණතාවය මත උසස්වීම් අහිමි වී ඇති තත්වය සැලකිල්ලට ගෙන වහා මනෝ ගණේෂන් අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලට පොරොන්දු වූ පරිදි මෙම ගැටලූව විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

ජෝසප් ස්ටාලින්

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment