Lanka Morning

කිලිනොච්චියේදී ඇමරිකානු පුරවැසියෙකුට මුගුරකින් පහර දී මරලා

කිලිනොච්චියේදී ඇමරිකානු පුරවැසියෙකුට මුගුරකින් පහර දී මරලා

කිලිනොච්චියේදී ඇමරිකානු පුරවැසියෙකුට මුගුරකින් පහර දී මරලා
March 07
15:33 2018

ඇමරිකාවේ පුරවැසිභාවය සහිතව කිළිනොච්චියේ පදිංචිව සිටි පුද්ගලයෙකුට 6 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් පහර දීම නිසා ඔහු මරුමුවට පත්වී තිබේ.

කිළිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි රවිතන් තුරේයිසිංහම් නැමති මොහු කාලයක්ම ඇමරිකාවේ පදිංචිව සිට මෑතකදී කිළිනොච්චියට පැමිණ තිබේ.
ඔහු තනිවම නිවසේ සිටියදී ඔහුට කිසියම් පිරිසක් විසින් පහරදීම නිසා බරපතල ලෙස තුවාල ලැබීමෙන්

පසුව ඔහුව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ දරුවන් කැනඩාවේ සිටින බවත් මොහු කිළිනොච්චියට පැමිණ ඔහුට අයත් ඉඩමක් සංවර්ධනය කරමින් එහි කුඩා කාමරයක් ඉදි කරගෙන ජීවත් වෙමින් සිටියදී මෙම පහර කෑමට ලක්ව තිබේ.
තවමත් ඉදිකරගෙන යමින් තිබෙන කුඩා කාමරයේ තැනින් තැන විශාල ලේ පැල්ලම් දක්නට ලැබෙන බවත් ඔහුට පහරදුන් බවට සැකකෙරෙන මුගුරක් කාමරය අසල පදුරක දමා තිබියදී හමුවූ බවත් කිළිනොච්චිය පොලීසිය කියයි.
මේ පුද්ගලයා සතුව ඇති මුදල් කොල්ල කෑමේ අරමුණින් ඔහුට පහර දෙන්නට ඇතැයි විශ්වාස කරණ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment