Lanka Morning

කැෂුරිනා වෙරළට සීසීටීවී

කැෂුරිනා වෙරළට සීසීටීවී

කැෂුරිනා වෙරළට සීසීටීවී
March 29
00:51 2018

යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ ඇතුළු මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීම සදහා එම මුහුදු තීරයට ආරක්ෂිත සී,සී,ටීවී(CCTV) කැමරා සවිකිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කොට තිබේ.

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම මුහුදු තීරය නැරඹීමට පැමිණෙන අතර ඔවුන් විසින් පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නානකාමර පෙළක්ද කඩා බිද දමා ඇතැයි ප්‍රාදේශීය සභා නිලධාරීන් කියා සිටියි.

මත්පැන් පානය කිරීම,මත් ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සමාජ විෂම ක්‍රියා මෙම මුහුදු වෙරළ තීරයේ සිදුවන නිසා ඒවා අවම කරගැනීමේ අරමුණින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරණ බවද කාරෙයිනගර් ප්‍රාදේශීය සභා නිලධාරීන් සදහන් කරයි.

මෙම වෙරළ තීරයේ සංචාරකයින් පමිණෙන කලාපයේ ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙකු සේවය කරණ නමුත් ඔවුන්ට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන දින වලදී වෙරළ තීරයේ ආරක්ෂාව පිළිබදව සොයා බැලීමට නොහැකි නිසා මෙම තීරණය ගත් බවද කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් වැඩි දුරටත් කියා සිටිති.

දිනසේන රතුගමගේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment