Lanka Morning

කාලයකින් දකින්න නොලැබූ බර කරත්ත තරඟයක්..!

කාලයකින් දකින්න නොලැබූ බර කරත්ත තරඟයක්..!

කාලයකින් දකින්න නොලැබූ බර කරත්ත තරඟයක්..!
March 12
06:31 2018

 

වසර ගණනාවකට පසුව යාපනයේ වැසියන්ට මාර්තු 11 වෙනිදා සවස බර කරත්ත තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා වී තිබිණ.

සාමාන්‍යයෙන් අළුත් අවුරුදු සමයට යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ ගවයන් බැඳි බර කරත්ත තරඟ නිරන්තරයෙන්ම පැවැත්වෙන අතර මේ වනවිට ගවයන් බඳින බර කරත්ත උතුරු පළාතෙන් ඉවත් වී තිබීම නිසා එම තරඟ පැවැත්වීමට නොහැකි වී තිබේ.

යාපනයේ තෙන්මරච්චි සරසාලෙයි යන ප්‍රදේශවල තරුණ සංවිධාන එක්වී යාපනයේ කුරුවිකඩ්ඩි ගම්මානයේ පිහිටි ක්‍රීඩාංගනයේදී මෙම බර කරත්ත තරඟය සංවිධානය කොට තිබුණි.

තරඟයෙන් ජය ලැබූ ප්‍රථමයාට රුපියල් 25000 ක් හා ඇඳුම් කට්ටලයක්ද, දෙවැන්නාට රුපියල් 15000 ක් හා ඇඳුම් කට්ටලයක්ද, තුන් වැන්නාට රුපියල් 7500 ක් හා ඇඳුම් කට්ටලයක් ද සහභාගී වූ සියළුම තරඟ කරුවන්ට ඇඳුම් කට්ටලය බැගින් හා රාත්‍රී ආහාරය තරුණ කැල විසින් ප්‍රදානය කර තිබිණ

උතුරේ පාරම්පරික බර කරත්ත තරඟයට නැවත පණ ලබා දීම සම්බන්ධයෙන් උතුරු පළාත් සංස්කෘතික අමාත්‍යංශය එම තරඟාවලිය සංවිධානය කළ තරුණයින්ට ස්තූති කොට තිබේ.

දිනසේන රතුගමගේ විසිනි

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment