Lanka Morning

ඉන්දියාවේ ඇති ‘ලංකාවේ කුණු‘ ඕස්ට්‍රේලියාවට දාන්න එපා..! -ඕස්ට්‍රේලියාව ඉන්දියාවට කියයි

ඉන්දියාවේ ඇති ‘ලංකාවේ කුණු‘ ඕස්ට්‍රේලියාවට දාන්න එපා..! -ඕස්ට්‍රේලියාව ඉන්දියාවට කියයි

ඉන්දියාවේ ඇති ‘ලංකාවේ කුණු‘ ඕස්ට්‍රේලියාවට දාන්න එපා..! -ඕස්ට්‍රේලියාව ඉන්දියාවට කියයි
March 21
11:37 2018

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට දේශපාලන රැකවරනය පතා ඕස්ට්‍රෙලියාවට පැමිණීමට ඉඩ නොදෙන මෙන් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යංශය ඉන්දීය රජයට දැණුම් දී තිබේ.

මේ අන්දමේ දැණුම් දීමක් කිරීමට හේතුව වී ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුවල් ඌර් හා කෝමදිපුණ්ඩි යන ප්‍රදේශ වල අනාථ කදවුරුවල සිටි ශ්‍රීලාංකික දෙමළ සරණාගතයින් හතර දෙනෙකු අනවසරයෙන් ඕස්ට්‍රෙලියාවට යාමට ගොස් එරට බලධාරීන්ට අසුවීමෙන් පසුවය.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ආපසු ශ්‍රී ලංකාවට යන මෙන් ඉන්දීය විදේශ අමාත්‍යංශය මගින් කළ දැණුම්දීමකින් පසුව ඔවුන් වෙනත් රටවල දේශපාලන රැකවරණ පැතීමට පටන්ගෙන ඇත.

ඉන්දියාවේ මණ්ඩපාම් අනාථ කදවුරේ පවුල් 4500 ක් පමණ සිටින කලාපයකින් ශ්‍රී ලංකාවට යාම සදහා කැමැත්ත පල කොට ඇත්තේ පවුල් 64 ක් පමණක්බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු අනාවරණය කොට තිබේ.

මේ අතර තමන්ට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ගෙන් විශාල පිරිසක් තමිල්නාඩුවේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතා හරහා මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.
දිනසේන රතුගමගේ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment